Home News Breaking ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්තවේ අවදානම් දිස්ත්‍රික්ක මෙන්න

ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්තවේ අවදානම් දිස්ත්‍රික්ක මෙන්න

156 views
SHARE

ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සහ එම තත්ත්වය පාලනය කිරීමට ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධාන බලකාය වහා ම කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තිරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඒ අනුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු මර්දන කාර්ය සාධන බලකාය ජනාධිපති කාර්යාලයේදි අද පෙරවරුවේ රැස්විමට නියමිත බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 44,623 දෙනෙකු වාර්තා වී ඇති අතර ඩෙංගු හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 115කි.

2014 වසරේදී ඩෙංගු රෝගීන් 47,246 ක් ද හා ඩෙංගු මරණ 97 ක් ද මෙරටින් වාර්තා වී තිබේ.

2015 වසරේදී ඩෙංගු රෝගින් 29,777 දෙනෙකු වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ සංඛාව 60 දක්වා අඩු වී තිබේ.

නැවත වරක් 2016 වසරේ ඩෙංගු රෝගයේ වර්ධනයක් පෙන්නුම් කරමින් රොගීන් 55,150ක් දෙනෙකු ද මරණ 90 ක් ද වාර්තා වී ඇත.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්ක මේ වන විට අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඩෙංගු ව්‍යාප්තිය උපරිම මට්ටමින් පාලනය කිරීමට ගතයුතු කඩිනම් පියවර පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ඇති.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site