Home News International ඇමරිකාවෙන් සිරියානු රජයට චෝදනා

ඇමරිකාවෙන් සිරියානු රජයට චෝදනා

151 views
SHARE

සිරියානු හමුදා බන්ධනාගාරයක ආදාහනාගාරයක් ඉදිකර ඇත්තේ එහිදී ඝාතනය කළ සිරකරුවන්ගේ දේහයන් සහ භෂ්මාවශේෂ සගවා තැබීමට බව ඇමරිකාව පවසනවා.

සාක්ෂි සැඟවීමේ අරමුණින් ඉදි කළා යැයි පැවසෙන එම පරිශ්‍රයේ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලයට එක් කර තිබුණා. ඩැමස්කස් නගරයෙන් පිටත පිහිටි මෙම බන්ධනාගාරයේදී දහස් ගණනක රැදවියන් වද බන්ධන වලට ලක් කර එල්ලා මරා දැමුණු බවයි මානව හිමිකම් සංවිධාන පවසන්නේ.

සිරියාව මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2011 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා සෑම සතියකදීම එහිදී මහා පරිමාණයෙන් මරණ දණ්ඩනයට ලක් කිරීම් සිදුකෙරුණු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මින් පෙර චෝදනා කර තිබුණා. කෙසේ වෙතත්, එම සංවිධානය නගන චෝදනා පදනම් විරහිත සහ අසත්‍ය බවයි එවක පැවති සිරියානු රජය ප්‍රකාශ කළේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site