Home News Politics කියන තරම් පෙරළියක් උතුරු මැද පළාත් සභාවේ සිදුනොවේ

කියන තරම් පෙරළියක් උතුරු මැද පළාත් සභාවේ සිදුනොවේ

344 views
SHARE

කියන තරම් පෙරළියක් උතුරු මැද පළාත් සභාවේ සිදුනොවන බවත්, තමන් සුපුරුදු ස්ථාවරයේ සිට කටයුතු කරන බවත් උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න පවසයි.

අද (16) උතුරු මැද පළාත් ප්‍රවාහන, ක්‍රීඩා, යෞවන කටයුතු, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය ධූරයෙහි සුසිල් ගුණරත්න දිවුරුම් දුන් අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ පළාත් සභාවේ බලය පවත්නේ කාටද යන්න ඉදිරියේදී දැකබලාගත හැකිවෙනු ඇති බවයි.

මන්ත්‍රීවරුන් 17 දෙනෙකු තමාට එරෙහිව දිවුරුම් ප්‍රකාශ ලබාදුන් බව කියතත් සැබවින්ම එලෙස කර ඇත්තේ 6 දෙනෙකු පමණක් බවත්, ගියා යයි කියනු ලබන කිහිපදෙනෙකුම තමන් සමග සිටින බව පවසා ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

දිවුරුම් ප්‍රකාශ ලබා දුන් බව කියන සුසිල් ගුණරත්න , අද දිනයේ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් බවත්, ඒ අනුව සෙසු අයත් ඉදිරියේදී සැබෑව ප්‍රකාශයට පත්කරනු ඇති බවත් පේෂල ජයරත්න පෙන්වා දුන්නේය.

පළාත් සභාව තුළ ‘ඒකාබද්ධ විපක්ෂය‘යනුවෙන් නියෝජනය කරන කිසිවෙකු හෝ නොමැති බවත්, සියලුදෙනාම තේරී පත්වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site