Home News Breaking කිඹුලා මරා මස් කන්න ගෙදර අරන් යද්දී පොලිසියට මාට්ටු PHOTOS

කිඹුලා මරා මස් කන්න ගෙදර අරන් යද්දී පොලිසියට මාට්ටු PHOTOS

219 views
SHARE

එප්පාවල පොලිස් වසමේ කටියාව යාය හත ප්‍රදේශයේදී ගැට කිඹුලෙකු මරා මස් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු මරා දැමූ කිඹුලාගේ සම සමඟ අද (16) උදෑසන එප්පාවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් සන්තකයේ තිබී කිඹුල් මස් කිලෝ 4 යි ග්‍රෑම් 335 ක් හා කිඹුලා මස් කිරීමට යොදා ගත් පිහියක් කිඹුල් සම සමගින් අත්අඩංගුවට පත්ව ඇත්තේ එප්පාවල කටියාව යාය 07 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 හා 46 වැනි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.

කළාඔයේ සිටි අඩි හතක් පමණ දිග ගැට කිඹුලකු ඝාතනය කර, කළා ඔය රක්ෂිත ප්‍රදේශයේදීම මස් පිණිස සකසා මලු දෙකක දමාගෙන මස් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනා පිළිබදව සැකසිතී විශේෂ මෙහෙයුම් රාජකාරියේ නිරත පොලිස් නිළධාරීන් ඔවුන් සතුවු මලු පරික්ෂා කිරීමේදී කිඹුල් මස් හමුවී තිබුණි.

අනතුරුව සැකකරුවන් සමගින් කිඹුලා මරා මස් පිණිස සැකසූ ස්ථානයද පොලීසිය පරික්ෂා කර ඇති අතර එම ස්ථානයේ සගවා තිබූ කිඹුලාගේ සම සොයා ගෙන තිබුණි.

පොලුවලින් පහරදී කිඹුලා ඝාතනය කර මස් සකස් කර සැකකරුවන් දෙදෙනා බෙදා ගෙන මස් පිසීම පිණිස නිවසට යමින් සිටියදී අත්අඩංගුවට පත්වූ බව පොලීසිය පැවසුවේය.

අනුරාධපුර පොලොන්නරුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ එල්.පී.එස්.පී සදුන්ගහවත්ත, අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රවී පීරිස් සහකාර පොලිස් අධිකාරී විජිත අල්විස් ගේ උපදෙස් මත එප්පාවල පොලිසියේ ස්ථානාධිපතිපොලිස් පරීක්ෂක රෝහණ අධිකාරී ඇතුළු නිළධාරීන් පිරිසක් අද (16) දින ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම් රාජකාරීයේදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්ව තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (17) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site