Home News Breaking ගල් ඇඹරුම් යන්ත්‍රයකට අසුවූ අතක් නැවත බද්ධ කිරීමේ උත්සහයක

ගල් ඇඹරුම් යන්ත්‍රයකට අසුවූ අතක් නැවත බද්ධ කිරීමේ උත්සහයක

181 views
SHARE

ගල් ඇඹරුම් යන්ත්‍රයකට අසුවීමෙන් වම් අත කැපී වෙන්වී බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත්කල පුද්ලයකුගේ කැපී වෙන්වීගිය අත බද්ධ කිරීම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් දැඩි ප්‍රයත්නයක නිරතවූවත් එම උත්සහය ඊයේ (15) රාත්‍රීයේ අසාර්ථකවූ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.

ඊයේ (15) සවස යාන්ත්‍රාණු සාරව ක්‍රියාත්මකවන ගල් ඇඹරුම් යන්ත්‍රයට අතදැමීම හේතුවෙන් වම් අත වැලමිටට ඉහලින් කැඩි වෙන්වූ මරදන්කුළම මිහින්තලය ලිපිනයේ පදිංචි 60 හැවරදි ටී.විමලසූරිය නැමති දෙදරු පියා කැඩී වෙන්වූ අත සමග අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත්කර තිබෙනවා.

රෝහලට ඇතුලත්කල පුද්ගලයා කලක සිට මරදන්කුළම ප්‍රදේශයේ පිහිටි ගල් වැඩපොලක සේවයකර ඇති අතර ඊයේ (15) දිනයේ ගල් අඹරමින් සිටියදී යන්ත්‍රයේ ගල් කුට්ටියක් සිරවීම නිසා යන්ත්‍රයට අතදමා යන්ත්‍රය තුලට ගල්කුට්ටිය තල්ලු කරද්දී නැවතත් යන්ත්‍රය ක්‍රියාත්මකවී අත ඇඹරී ඇති බවයි වාර්තා වන්නේ.

යන්ත්‍රයේ ගල් සිරවූ පසුව වෙනත් දිනයන් වලදීත් ඇඹරුම් යන්ත්‍රයට අතදමා ගල් කුට්ටි තල්ලුකර නැවතත් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට සේවකයා කටයුතු කර තිබෙන බවද රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

බෙහෙවින් විනාශවූ අත සමග මිහින්තලය රජයේ රෝහලට ප්‍රතිකාර සදහා රැගෙන ආ සේවකයා වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කල අතර වාහිනී පිළිබදව විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් හා විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය කණ්ඩායමක් ඔහුගේ අත නැවත බද්ධ කිරීමට පැය හයකට වැඩි කාලයක් උත්සහකර ඇතත් රෝගියාගේ කැපීවෙන්වූ අත දැඩිව විනාශවී තිබූ නිසා ශෛල්‍ය කර්මය අසාර්ථක වූ බවයි වාර්තා වන්නේ.

එම නිසා කැපී වෙන්වු අතට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදී තිබෙන අතර මේ වනවිට රෝගීයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site