Home News Breaking “ඊසි කෑෂ්” මඟින් මුදල් ගරන FB එකේ අලුත්ම සෙල්ලම මෙන්න

“ඊසි කෑෂ්” මඟින් මුදල් ගරන FB එකේ අලුත්ම සෙල්ලම මෙන්න

694 views
SHARE

අන්තර්ජාලයෙන් කාන්තාවන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් එයින් කැමැති කාන්තාවක් සමඟ හැසිරීමට හෝ රැයක් ගත කිරීමට හැකි බව පවසමින් “ඊසි කෑෂ්” මඟින් මුදල් ගරන ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක වී ඇති බව තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.

කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයක නමක් දමා ෆේස්බුක් ගිණුමක් සකස් කර මේ ජාවාරම හොර රහසේ සිදුකරගෙන යන බවයි වාර්තා වන්නේ.

කාන්තාවන් විශාල පිරිසකගේ විවිධ ඡායාරූප එම ෆේස්බුක් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබෙන අතර එම කාන්තාවන්ගේ නම සහ සිටින ස්ථානය, වයස මෙන්ම එක් එක් කාන්තාවට වැය වන වියදමද එහි සඳහන්ව පවතිනවා.

තවද ගැනුම්කරුවාට තමන් කැමැති කාන්තාව සමඟ හෝ කිහිපදෙනකු සමඟ හැසිරීමට හැකි බවද මෙහි සඳහන් කර තිබෙනවා.

ගැණුම්කරු විසින් අදාළ ඡායාරූපයේ කාන්තාව තෝරා ගත් පසු එහි ඇති ජංගම දුරකතන අංකයට කතා කළ පසු එම දුරකතන ඇමතුමේ සිටින පුද්ගලයා පවසන්නේ ප්‍රථමයෙන් තමා ලබාදෙන අංකයට ඊසි කෑෂ් මඟින් මුදල් දමන ලෙසයි.

මුදල් දැමූ පසු සිටින ස්ථානය මෙන්ම ගැනුම්කරුට එම කාන්තාව සිටින හෝටලය දැනුම් දෙන බවද සඳහන්.

එසේ මුදල් දමන්නේ නැතිව කාන්තාව සිටින ස්ථානය හෝ හෝටලය පැවැසිය නොහැකි බව පවසන අතර මුළු මුදල එකවර ඊසි කෑෂ් ලෙස දැමිය යුතු වන බවද සදහන්.

මෙහි ඇති සියලුම කාන්තාවන් සම්බන්ධ කර ගැනීමට එකම ජංගම දුරකතන අංකයක් පමණක් එහි පවතින අතර ගැනුම්කරුවාට ඊසි කෑෂ් දැමීමට ඔවුන් විසින් වෙනමම අංකයක් ලබා දෙන බවයි වාර්තා වන්නේ.

මේ ඡායාරූපවලට ලොල් වී මුදල් දැමූ බොහෝ දෙනකුට සිදුව ඇත්තේ මුදල් දැමූ පසු අදාළ අංකය හා සම්බන්ධ වීමට නොහැකිවීම සහ දින කිහිපයකින් එම අංකය ක්‍රියාවිරහිත කර කොහෙන්ද කවුරුන්ද යන්න සොයා ගැනීමට නොහැකිව මුදල් විනාශ කර ගැනීමක් පමණක් බවයි ඔවුන් පවසන්නේ.

රහසිගතව මෙවැනි ජාවාරම් පවත්වාගෙන යන ඔවුන් කරන්නේ මුදල් ලබා ගැනීමෙන් පසුව වෙනත් දුරකතන අංකයක් සඳහන් කර දින කිහිපයකින් පසුව ජාවාරම නැවත පවත්වාගෙන යෑමයි.

මේ සම්බන්ධයෙන් අරණායක පොලිස් ස්ථානාධිපති පැවැසුවේ මෙවැනි ජාවාරම් අනන්තවත් සිදු වෙන අතර බොහෝ ජංගම සේවා සහ මහජනතාව දැනුවත් කිරීමට හැකි සෑම අවස්ථාවකම මේ සම්බන්ධයෙන් දැනුවත් කළත් මේවා පිළිබද දැනුමක් නොමැති පිරිස් මෙවැනි ජාවාරම්වලට නිකරුණේ හසුවී මුදල් වියදම් කර ගන්නා බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site