Home News Breaking සාමණේර හිමි නමකට පහර දීමේ සිද්ධිය පිලිබඳ පොලීසියේ සැකය වෙනත් පැත්තකට

සාමණේර හිමි නමකට පහර දීමේ සිද්ධිය පිලිබඳ පොලීසියේ සැකය වෙනත් පැත්තකට

331 views
SHARE

පොළොන්නරුව ඕනෑගම මැද මළුව පුරාණ රජමහා විහාරවාසි සාමණේර හිමි නමකට පෙරේදා (14) රාත්‍රියේ කැබ් රථයකින් පැමිණි කිසියම් පිරිසක් පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණ අරඹා ඇතැයි පොළොන්නරුව පොලිසිය සඳහන් කරනවා.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ මැදමළුව විහාර වාසි පූජ්‍ය සේවාගම විනයරතන හිමියන් වන අතර විහාරාධිපති හිමියෝ බණකට වැඩි අවස්ථාවේ කැබ් රථයකින් පැමිණි සිවු දෙනෙකු පෙරේදා (14) රාත්‍රී 7.30 ට පමණ මෙම පහරදීම සිදු කොට පළා ගොස් තිබෙනවා.

විනයරතන හිමියන් මේ වනවිට පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ගනු ලබන අතර පහර කෑමට ලක් වූ වයස අවුරුදු 13ක සාමණේර හිමියන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියා.

පෙරේදා (14) දිනයේ බොදු බල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක හාමුදුරුවරුන් පිරිසක් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට පැමිණ සිටියේ ද මෙම විහාරස්ථානයට වන අතර එම සිද්ධිය මුල් කරගෙන මෙම පහරදීම සිදු වූවා දැයි පොලිසිය සැක කරන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරු පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරනු ලබනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site