Home News Breaking රවිගේ අත්සනින් යුතු දිනයක්‌ නැති ලිපියක්‌ නිසා බැඳුම්කර කොමිසම අසීරුතාවයට

රවිගේ අත්සනින් යුතු දිනයක්‌ නැති ලිපියක්‌ නිසා බැඳුම්කර කොමිසම අසීරුතාවයට

238 views
SHARE

මුදල් ඇමැති රවී කරුණානායක විසින් මහ බැංකු අධිපතිවරයාට යොමුකළ ලිපියක්‌ බව කියමින් මුදල් ඇමැතිවරයාගේ අත්සන සහිත දාතමක්‌ නොමැති ලිපියක්‌ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා විසින් කොමිසමට ඉදිරිපත් කිරීම ගැන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා ඊයේ (16 දා) කොමිසමේ දැඩි අවධානය යොමු කළා.

දිනයක්‌ රහිත ලිපිය මහ බැංකු අධිපතිවරයා වෙත මුදල් ඇමැතිවරයා විසින් යොමු කළ එකක්‌ බව කීවත් එහි යොමු කළ මහ බැංකු අධිපතිවරයාගේ නම සඳහන් කර නොතිබීම ගැන ද කොමිසමේ අවධානයට ලක්‌වී ඇති බවයි වාර්තා වන්නේ.

දිනයක්‌ නැති ලිපියක්‌ ඇමැතිවරයකුගේ අත්සනක්‌ සහිතව ඉදිරිපත් කර තිබෙන නිසා එම ලේඛනයේ විශ්වාසනීයත්වය ගැන තමා ප්‍රශ්න කරන බව අදාළ ලිපිය සම්බන්ධයෙන් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්‌ඩායමේ නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා ප්‍රශ්න කරනු ලැබුවා.

මුදල් ඇමැතිවරයාගේ අත්සන සහිතව දාතම නොමැතිව ඉදිරිපත් කළ ලිපියේ විශ්වාසනීයභාවය නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා විසින් ප්‍රශ්න කළ නිසා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා, ලිවේරා දෙසට හැරෙමින් ‘ඔබ කියන්නේ මා බොරුවක්‌ කරනවා කියලද’ යැයි එහිදී විමසා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site