Home News Breaking ෂැංග්‍රිලා හෝටල් ඉදිකිරීම් භූමියේ තිබී හමුවූ මිනිස් අස්ථි කොටස් ගැන පුළුල් පරීක්ෂණ

ෂැංග්‍රිලා හෝටල් ඉදිකිරීම් භූමියේ තිබී හමුවූ මිනිස් අස්ථි කොටස් ගැන පුළුල් පරීක්ෂණ

356 views
SHARE

ෂැංග්‍රිලා හෝටල් ඉදිකිරීම් භූමියේ තිබී හමුවූ මිනිස් අස්ථි කොටස් මුද්‍රා තබා අධිකරණ වෛද්‍ය නිලධාරි කර්යාලයට යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න ඊයේ දිනයේදී (16) නියෝග කරනු ලැබුවා.

එමෙන්ම මෙම අස්ථි කොටස් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මැණුම්පති, ප්‍රාදේශීය ලේකම්, නාගරික කොමසාරිස්, සභාපති නාගරික සංවර්ධන අධීකාරිය, පීඨාධීපති තොරතුරු තාක්ෂණ ආයතනය, ව්‍යාපෘති අධ්‍යක්ෂක ෂැංග්‍රිල්ලා හෝටල් පුද්ගලික සමාගම සඳහා කොටුව පොලිසිය ඉදිරි පියවර සම්බන්ධයෙන් ඉල්ලා සිටි නියෝග නිකුත් කර තිබෙනවා.

ඉකුත් 11 වනදා මෙම භූමියේ කානුවක් කැපීම සඳහා කැනීම් කටයුතු සිදු කරමින් පවතින අවස්ථාවේ අඩි 8ක් පමණ ඇතුළතින් තිබූ මෙම මිනිස් ඇට සැකිලි බවට සැකකෙරෙන අස්ථි කොටස් හමු වී ඇති අතර මේ සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත්වරිය පැමිණ සිදු කළ නිරීක්ෂණයෙන් අනතුරුව එම ස්ථානයට පූර්ණ ආරක්ෂාව ලබා දෙන ලෙසට නියෝග කළා.

ඉන් පසුව මෙම අසථි කොටස් කවර 4ක බහා මුද්‍රා තබා අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත යොමු කිරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

මෙම භූමිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධීකාරියට අයිතියක් නැතැයිද මෙයට පෙර එම භූමිය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ බවටත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අධීකරණයට ලිඛිතව දන්වා ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම භූමියේ සිටි වාත්තුකරුවෙක් කොටුව පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව ස්ථානාධිපති සූරියකුමාර් විමර්ශණ සිදු කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් ආරක්ෂක අමාත්‍යාංශයේ රියදුරකුගේද සාක්ෂි සටහන් කරගෙන ඇති අතර ඔහු වසර 26 ක සිට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවය කරන බවත් ඈත අතීතයේ එම භූමියේ සොහොන් බිමක් තිබී ඇති බවට අසා ඇති බව ඔහු ප්‍රකාශ කර ඇති බවත් සටහන් වල සඳහන් වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site