Home News Breaking ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ මන්ත්‍රී ධුරයත් අහෝසි වෙයිද ?

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ මන්ත්‍රී ධුරයත් අහෝසි වෙයිද ?

401 views
SHARE

අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් දමා තිබෙනවා.

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන නීතිඥ අජිත් ප්‍රසන්න විසින් අදාළ පෙත්සම ගොනු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

‍අදාළ පෙත්සම අද (17) කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ වගඋත්තරකරුවන්ට අදාළ නොතීසි අධිකරණය වෙත බාරදෙන ලෙසයි.

ඒ අනුව මෙම පෙත්සම ජූලි මස 12 වනදා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබෙනවා.

එජාප සාමාජිකයෙකු නොවන සරත් ෆොන්සේකා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම නීතියට පටහැණි බවයි පෙත්සම්කරු විසින් පෙන්වාදී තිබෙන්නේ.

එම නිසා අදාළ පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් එය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site