Home News Breaking පිළියන්දලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ දරුවන්ට මොකද වුණේ ? PHOTOS

පිළියන්දලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ දරුවන්ට මොකද වුණේ ? PHOTOS

288 views
SHARE

පිළියන්දල ප්‍රදේශයේදී පසුගියදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලද කුඩා දරුවන් දෙදෙනාගේ සුවදුක් විමසීමට පොලිස්පති පූජිත් ජයසුන්දර අද (17) එම රෝහලට පැමිණියා.

පසුගිය 09 වැනිදා පිළියන්දල නගරයේ මෙම වෙඩි තැබීම සිදුවෙන අවස්ථාවේ මෙම දරුවන් දෙදෙනා ඒ අසළින් ගමන් කර තිබෙනවා.

එහිදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වී බරපතල තුවාල ලැබු ඔවුන් දෙදෙනා මේවන විට ප්‍රතිකාර ලබන්නේ කළුබෝවිල ශික්ෂණ රෝහලේයි.

මෙහිදී කුඩා දරුවන් දෙදෙනාට අවශ්‍ය ප්‍රතිකාර හා පහසුකම් සම්බන්ධව ඔවුන්ගේ ඥාතින් මුණ ගැසී කරුණු විමසීමටද පොලිස්පතිවරයා කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා පොලිසිය මගින් සැපයීමටද තීරණය කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site