Home News Breaking වැඩිම වතාවක් කඳුළු ගෑස් ගැසූ සයිටම් විරෝධී උද්ඝෝෂණයෙන් පසු 21ක් රෝහලේ PHOTOS

වැඩිම වතාවක් කඳුළු ගෑස් ගැසූ සයිටම් විරෝධී උද්ඝෝෂණයෙන් පසු 21ක් රෝහලේ PHOTOS

164 views
SHARE

අධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධී උද්ඝෝෂණයට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයයන් හඹා ගිය පොලිසිය අවස්ථා 15 කදී පමණ කඳුළු ගෑස් ගැසූවත් විරෝධතාකරුවන් පාලනය කරගත නොහැකි වී තිබෙනවා.

පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම හේතුවෙන් තුවාල ලද 21 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල අතර තවත් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ කොළඹ නගරශාලාව ආශ්‍රිත පෙදෙස්හි මෙම විරෝධතාව නොපවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝගයක් නිකුත් කර තිබියදීත් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට රැස්වූ ශිෂ්‍ය සංගම් තුනේ සාමාජිකයෝ “සයිටම් අහෝසි කරණු….අධ්‍යාපනය හා සෞඛ්‍ය නොවිකුණනු” යයි උද්ඝෝෂණය කරමින් කොළඹ යුනියන් පෙදෙස හරහා විහාර මහ දේවි උද්‍යානය අසළට පැමිණියා.

බදාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින තුළ වෝඩ් පෙදෙස, ජාතික රෝහල, අක්ෂි රෝහල සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රදේශයන් හිදී මහජන සාමය කඩවන පරිදි සහ මහජනයාගේ දෛනික කටයුතුවලට බාධාවන පරිදි කිසිදු පෙළපාලියක් හෝ උද්ඝෝෂණයක් පැවැත්වීම තහනම් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ 1979 අංක 15 දරන අපරාධ නඩු විදාන සංග්‍රහ පනතේ 106 (01) වගන්ති ප්‍රකාරව කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙන් පසුවයි.

කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විරෝධතාකරුවන්ට උසාවි නියෝගය පෙන්වූ පසු උද්ඝෝෂණකරුවන් මාර්ගයේ අනෙක් පසට පිවිසීමත් සමගම කඳුළු ගෑස් ගැසීම ආරම්භ වී තිබෙනවා.

ඒවිට උද්ඝෝෂණකරුවන් විහාරමහා දේවී උද්‍යානයට ඇතුළු වූයෙන් පොලිසිය විහාර මහා දේවි උද්‍යානයට කඳූළු ගෑස් ගසමින් විරෝධතාකරුවන් හඹා යන්නට වුණා.

මෙලෙස කඳුළු ගෑස් ගැසීම නිසා උද්‍යානයේ සිටි සාමන්‍ය ජනතාව ද මහත් අපහසුතාවට පත් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විහාර මහා දේවී උද්‍යානය ඇතුළටම පැමිණ කඳුළු ගෑස් ගැසූ හෙයින් උද්‍යානයේ සිටි කුඩා දරුවෝ මෙන්ම විදේශිකයෝද දැඩි අපහසුතාවයන්ට මුහුණ දී තිබෙනවා.

ඊයේ දිනය පුරා 15 වතාවක් පමණ පොලිසිය කඳුළු ගෑස් ගැසූ අතර එය ශ්‍රී ලංකාවේ පැවැති උද්ඝෝෂණයකදී වැඩිම වතාවක් කඳුළු ගෑස් ගැසූ අවස්ථාව ලෙසද වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site