Home News Breaking උසස් තාක්ෂණ ආයතනය වසා දැමෙයි

උසස් තාක්ෂණ ආයතනය වසා දැමෙයි

170 views
SHARE

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මහනුවර උසස් තාක්ෂණ ආයතනය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරිය ඊයේ (17) තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් තොරතුරු තාක්ෂණ පාඨමාලා අංශය හැර සෙසු අංශවල අධ්‍යයන කටයුතු යළි දැනුම්දෙන තුරු නොපැවෙත්වන බවයි පාලනාධිකාරිය සඳහන් කළේ.

මහනුවර බෝගම්බර පිහිටි උසස් තාක්ෂණ ආයතනයේ උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව අම්පිටිය දඹවෙල ප්‍රදේයේ ස්ථානයක පවත්වා ගෙන යෑමට පාලන අධිකාරිය සැලසුම් කර තිබෙන බවද වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් සිසුන්ට දැනුම් දීම සඳහා වන පෝස්ටරයක් ඇලවීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අදාළ තීරණයට පක්ෂ හා විපක්ෂ සිසු දෙපිරිසක් අතර ගැටුම ඇතිව තිබෙන බවයි ‍පොලීසිය සඳහන් කළේ.

ගැටුම හේතුවෙන් සිසුන් කිහිපදෙනෙකු සුළු තුවාල ලබා තිබෙන බවත් සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ සිදු කරන බවත් සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site