Home News Politics කවුරුත් එපාකී ශ්‍රීලනිපයේ කැබිනට් ප්‍රකාශක තනතුර දයාසිරි ඉල්ලුවේ අයි ?

කවුරුත් එපාකී ශ්‍රීලනිපයේ කැබිනට් ප්‍රකාශක තනතුර දයාසිරි ඉල්ලුවේ අයි ?

797 views
SHARE

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස සුදුසු නමක් යෝජනා කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීරට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාට දන්වා තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍යෂ්ඨයන්ගෙන් විමසා ඇතත් කිසිවෙකුත් එයට ඉදිරිපත් වී හෝ නාමයන් යෝජනාවී නොමැති බව සදහන්.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස කටයුතු කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සිය කැමැත්ත පළකොට තිබෙනවා.

මෙසේ පක්‍ෂයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස දයාසිරි ජයසේකර සිය කැමැත්ත පළකර සිටියද ඒ සම්බන්ධයෙන් මෙතෙක් ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

එහිදී වැඩිදුරටත් සදහන්වුයේ ඉදිරි කැබිනට් රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැබිනට් ප්‍රකාශකවරයා පිළිබඳ අවසන් තීන්දුවක් ජනපතිවරයා සමග සාකච්චා කර ගැනීමට නියමිත බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site