Home News Breaking අසභ්‍ය වීඩියෝ පෙන්වා ඒ ඉරියව් අනුකරණය නොකළ බිරිඳ ඝාතනය කිරීමට සැලසුම්

අසභ්‍ය වීඩියෝ පෙන්වා ඒ ඉරියව් අනුකරණය නොකළ බිරිඳ ඝාතනය කිරීමට සැලසුම්

984 views
SHARE

ජංගම දුරකථනය මගින් බිරිඳට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ඒවායේ දැක්වෙන ඉරියව් අනුකරණය කරමින් අඹුසැමියන් ලෙස එක් වීමට අකමැති වූ තරුණ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන යුද හමුදා සෙබළකු මේ මස 25 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂන් පෙරේදා (15) නියෝග කරනු ලැබුවා.

මෙම ඝාතනය සඳහා සෙබළා ගෙනා බවට සැකකරන බෝර 12 පතුරම් තුවක්කුවද අධිකරණ බාරයට පත්කොට තිබෙනවා.

මීඇල්ලෑව, ලබුනෝරුව සහ දඹගොල්ලව, මීමින්නාවල, කහටගස්දිගිලිය යන ලිපිනයන්හී පදිංචි පුදුකුඩුඉරුප්පු මුලතිව්හි තුන්වන ජාතික ආරක්ෂක බළ මුළු සේනාංකයේ සේවයේ නිරත පී. ඩී. ප්‍රේමසිරි යන 35හැවිරිදි යුද හමුදා සෙබළා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කල බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු විවාහ වී ඇත්තේ මීට මාස තුනකට පමණ ඉහතදී බව සඳහන්.

බිරිඳ සමග පවතින පවුල් ආරවුල් හේතුවෙන් මීට පෙර අවස්ථාවකදීත් ඇය මරා දැමීමට ඔහු උත්සාහ කල බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ සඳහා භාවිත කිරීමට සැලසුම් කොට තිබූ මෙරට නිෂ්පාදිත කැප් තුවක්කුවක් ඔහු සන්තකයේ තිබී කහටගස්දිගිලිය ‍පොලීසිය විසින් අධිකරණයට භාරයට පත් කරනු ලැබුවා.

සැකකරු නිවාඩු ලබා නිවසට පැමිණෙද්දී බිරියට වෙඩි තැබිම සඳහා තුවක්කුවක් ගෙනවිත් සඟවාගෙන සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව ප්‍රශ්න කර තිබෙනවා.

ඔහු නිවාඩු ලබා පැමිණෙන විට රැගෙනවිත් දඹගොල්ල කැලෑවේ සඟවා තිබූ බෝර දොළහ පතුරම් තුවක්කුවක් හා ඊට යොදන ජීව උණ්ඩ හතරක් ‍පොලිස් බාරයට ගැනීමට හැකිවී ඇත්තේ ඉන් පසුවයි.

සැකකරුට තුවක්කුව ලැබුණු ආකාරය අනාවරණය කර ගැනීමට පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා.

සැකකරු අන්තර්ජාලයේ සැරිසරා එහි ඇති අසභ්‍ය වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ ගබඩා කර නිවාඩුවට පැමිණි පසු එම දර්ශන අනුගමනය කරන ලෙස බිරිඳට නිතර නිතර බල කර තිබෙනවා.

ඇයද නිරතුරුවම ඊට දැඩි විරෝධය පෑම නිසා පවුල් ආරවුල නිර්මාණය වී තිබෙන බව පොලීසිය අධිකරණයට දන්වා තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරු මානසික රෝගයකින් පෙළෙන්නේද යන්න අනාවරණය කර ගැනීම සඳහා ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන ඉදිරි දිනයේදී එයද අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site