Home News Breaking ජාතික හා ආගමික සංහිදියාව විනාශ කලොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා

ජාතික හා ආගමික සංහිදියාව විනාශ කලොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා

381 views
SHARE

ජාතික හා ආගමික සංහිදියාව විනාශ කිරීමේ අරමුණින් කටයුතු කරන පුද්ලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර අවධාරණය කරයි.

පානදුර නගරයේ පිහිටි මුස්ලිම් සැදැහැවතුන් වැදුම් පිදුම් කරනු ලබන ස්ථානයකට කිසියම් පිරිසක් විසින් අලාභහානි කිරීමට තැත් කිරීමේ සිද්ධියක් ඊයේ(17) වාර්තා වී ඇත.

මේ සිද්ධිය පිටුපස ජාතික හා ආගමික සංහිදියාව විනාශ කිරීමේ කූට ප්‍රයත්නයක නිරතවී සිටින කණ්ඩායමක් සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

මෙවැනි සිදුවීම් රජය තරයේ හෙළා දකී.

එසේම මෙවැනි සිද්ධීන්වලට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනලෙසට නීතිය සාමය හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පොලිසියට උපදෙස් දී තිබේ.

එම උපදෙස් අනුව මෙවැනි සිද්ධීන් පසුපස සිටින අගතිගාමී අරමුණු ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන කණ්ඩායම් හදුනා ගැනීමටත් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාකරන බව අවධාරණය කෙරේ.

මේවන විට පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් පරිදි පොලිස් මූලස්ථානයෙන් යොදවන ලද විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site