Home News Breaking අධික වර්ෂාව නිසා කොළඹ යටවේ PHOTOS / VIDEO

අධික වර්ෂාව නිසා කොළඹ යටවේ PHOTOS / VIDEO

315 views
SHARE

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සවස නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේ දිවයිනට නිරිත දෙසින් පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධතිය හේතුවෙන් දිවයිනේ බොහෝ ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වලත් දිවයිනට නැගෙනහිරින් වන මුහුදු ප්‍රදේශවලත් වැසි ඇති විය හැකි බවයි.

පුත්තලම, මන්නාරම හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටෙක පැයට කිලෝමීටර් 60 – 70 ත් දක්වා වැඩි විය හැකි බව ද මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

අද සවස ඇතිවූ දැඩි සුළඟ හේතුවෙන් කිරිබත්ගොඩ නගරයේ ඉදිකර තිබූ තොරණක් කඩාවැටී වාහන හතරකට අලාභ හානි සිදුව තිබෙන බවත් ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව සදහන්.

මේ සමගම මහරගම නගරයේ ඇති තොරණ ඇලවීමේ අවධානමක් මතුවී තිබෙන බවත් ඒ අවට නවතා තිබූ රථවාහන ඉවත් කිරීමට මහරගම පොලීසිය පියවරගත් බවත් මහරගම පොලීසිය සදහන් කළා.

මේ අතර අද සවස ඇතිවූ අධික වර්ෂාව නිසා කොළඹ නගරයේ තැන් කිහිපයක් ජලයෙන් යටවී තිබු දක්නට ලැබුණු අතර අධික රථවාහන තදබදයක්ද ඇතිවී තිබුනා.

වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site