Home C Gossip ලිංග විපර්යාසයට පත් සහකාරිය මරන් කෑ පෙම්වතා PHOTOS

ලිංග විපර්යාසයට පත් සහකාරිය මරන් කෑ පෙම්වතා PHOTOS

2,415 views
SHARE

සිය සහකාරිය ඝාතනය කර ඇයගේ කොටස් පිස ආහාරයට සකස් කළ සුපවේදියකු පිළිබඳ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරින් වාර්තා වනවා.

ලිංගික විපර්යාසයකට ලක්වු සහකාරිය ඝාතනය කර ආහාර ලෙස සකස් කර ඇති මෙම සැකකරු නිවසේ විදුලි පද්ධතිය නඩත්තු කිරීමට පැමිණී කාර්මික ශිල්පියෙකුට සඳහන් කර ඇත්තේ පවතින දුර්ගන්දය පිළිබඳ සැලකිලිමත් නොවන ලෙසටයි.

නිවසේ තිබු සැක කටයුතු ස්වභාවය පිළිබඳ කාර්මික ශිල්පියා පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය අදාළ නිවසට පැමිණ විශේෂ සෝදිසියක් සිදුකර තිබෙනවා.

එහිදී ඝාතනයට ලක්වු සහකාරියගේ සිරුරු කොටස් කිහිපයක් පිස තිබු අතර තවත් කොටස් කිහිපයක් කසල බඳුන තුළ තිබී සොයාගෙන තිබෙනවා.

ඇයගේ පාදයක කොටසක් පිස තිබු බඳුනක් ද පොලිසිය විසින් සොයාගත් බවයි වාර්තා වන්නේ.

සැකකාර සුපවේදියා සිය සහකාරියගේ අනෙක් කොටස් පිස ආහාරයට ගත්තේ ද යන්න හෙළිකර ගැනීම සඳහා ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ සැකකරුගෙන් ප්‍රශ්ණ කරන බව සඳහන්.

සැකකාර සුපවේදියාගේ සහකාරිය ලෙසට කටයුතු කළ තරුණිය ඉන්දුනීසියානු ජාතිකයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඇය සිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නිරන්තරයෙන් මුදල් යැවීමට හුරු පුරුදු වී තිබු බව ද ආරක්ෂක අංශ හෙළිකරගෙන තිබෙනවා.

ඒ ඇයගේ සොහොයුරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්.

ඔවුන් දෙදෙනා අතර පැවති ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළකරනවා.

කෙසේවෙතත් මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

 

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site