Home News International තම නැන්දණියගේ අඩි පාරේ යමින් රාජ කුමාරියක් රාජකීයත්වය අතහරියි

තම නැන්දණියගේ අඩි පාරේ යමින් රාජ කුමාරියක් රාජකීයත්වය අතහරියි

243 views
SHARE

සාමාන්‍ය වැසියෙකු විවාහ කර ගැනීම සඳහා ජපන් රාජ කුමාරියක සිය රාජකීයත්වය අතහැරීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

අකිහිතෝ අධිරාජ්‍යයාගේ පළමු මිනිබිරිය වන මාකෝ කුමරිය විවාහ ගිවිස ගැනීමට නියමිතව ඇත්තේ නීති සමාගමක සේවය කරන කෙයි කොමුරෝ සමඟයි.

දෙදෙනාම විසිපස් හැවිරිදි වියේ පසු වන බවයි වාර්තා වන්නේ.

ටෝකියෝ නුවර විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටියදී දෙදෙනා මුලින්ම හමුවී ඇත්තේ 2012 වසරේදීයි.

ජපානයේ රාජකීය නීතියට අනුව රාජ කුමාරියක විසින් සාමාන්‍ය පුද්ගලයෙකු විවාහ ගිවිස ගනු ලබන්නේ නම් ඇය රජ පවුලෙන් ඉවත්වීම අනිවාර්ය වනවා.

ඉතිහාසයේ ප්‍රථම වරට ජපන් රජ පවුලේ කුමාරියක විසින් සාමාන්‍ය වැසියෙකු විවාහ කරගනු ලැබුවේ 2005 වසරේදී වන අතර ඒ මාකෝ කුමරියගේ නැන්දණිය වන සයාකෝ කුමරිය විසින්.

ටෝකියෝ නගර සභාවේ නාගරික සැලසුම්කරුවෙකු සමඟ විවාපත් ඇය රාජකීයත්වය අතහැර සාමාන්‍ය වැසියෙකු බවට පත්වූ පළමු ජපන් රාජ කුමාරිකාව ලෙස ඉතිහාසගත වුණා.

අනතුරුව එක් කාමරයක් පමණක් සහිත මහල් නිවාසයක පදිංචි වූ සයාකෝ කුමරියට මෝටර් රථ පැදවීම සහ වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගැනීම වැනි සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම් මුල සිට ඉගෙනීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

සයාකෝ කුමරිය, අකිහිතෝ අධිරාජ්‍යයාගේ දරුවන් අතර සිටින එකම දියණිය ද වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site