Home News Sports චැම්පියන්ස්‌ කුසලාන තරගාවලියට පිටත්ව යන්න මොහොතකට පෙර මැතිවුස් සැලසුම හෙළි කරයි

චැම්පියන්ස්‌ කුසලාන තරගාවලියට පිටත්ව යන්න මොහොතකට පෙර මැතිවුස් සැලසුම හෙළි කරයි

167 views
SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම ඊයේ (18දා) පෙරවරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේදී ආගමික වතාවත්වල නියෑළීමෙන් අනතුරුව ජුනි මස 1 දා සිට 18 වැනිදා දක්‌වා පැවැත්වීමට නියමීත චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය සඳහා සහභාගී වීමට එංගලන්තය බලා පිටත්ව ගියා.

එසේම චැම්පියන්ස්‌ තරගාවලියේදී තනි තනි සැලැස්‌මක්‌ ඇති බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පැවැති අවසන් මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

“අපි මහනුවරදී දවස්‌ 15 ක විශිෂ්ට පුහුණු සැසියකට සහභාගී වුණා. එතැනදී කණ්‌ඩායම ඉතාමත් විශිෂ්ට මානසිකත්වයකට පැමිණ සිටිනවා. නමුත් අපිට චැම්පියන්ස්‌ තරගාවලියේදී තනි තනි සැලැස්‌මක්‌ තියෙනවා. ඒ සැලැස්‌ම තරග වලදී ක්‍රියාත්මක කරන්න බැරි වුණොතින් වැඩක්‌ නෑ. තරගවලදී සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමයි වැදගත්ම වන්නේ.”

එමෙන්ම තම කලාපයේ කණ්‌ඩායම් දෙකක්‌ වන ඉන්දියාව සහ පාකිස්‌තානය තම කාණ්‌ඩයේ සිටියද ඔවුන් ගැන හොදින් දන්නා බවත් අනෙක්‌ ප්‍රතිවාදීන් වන දකුණු අප්‍රිකාවද පසුගිය කාලයේදී හොඳට හදුනාගත් බවත් ඒ සියලු කණ්‌ඩායම් වලට එකිනෙකට වෙනස්‌ සැලසුම් වලින් තරග කරන බවත් ශ්‍රී ලංකා නායකයා මෙහිදි වැඩිදුරටත් පවසා සිටියා.

චැම්පියන්ස්‌ කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම එංගලන්තයේදී පෙරහුරු තරග හතරකට ද සහභාගී වීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site