Home News Breaking කඩා වැටුණු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ගැන පරීක්ෂණයක්

කඩා වැටුණු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ගැන පරීක්ෂණයක්

146 views
SHARE

වැල්ලවත්ත සිනමා ශාලාව ආසන්නයේ ඊයේ කඩා වැටුණු මහල් ගොඩනැගිල්ල නියමිත නිර්ණායකයන්ට අනුව ඉදිකර ඇත්දැයි සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති අචාර්ය ජගත් මුණසිංහ ප්‍රකාශ කළේ, ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා බලපත්‍ර ලබා ගෙන තිබේ ද? යන්න පිළිබඳව ද මෙහිදි සොයා බලන බවයි.

මහල් 5කින් සමන්විත එම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් එක් අයෙක් මිය ගොස් තවත් 24 දෙනෙක් තුවාල ලැබූවා.

පොලීසිය සඳහන් කළේ, කඩා වැටුණු ගොඩනැගිල්ලට යට වී තවත් පුද්ගලයින් සිටීදැයි සෙවීමේ මෙහෙයුම් අද අලුයම දක්වා ක්‍රියාත්මක වූ බවයි.

තුවාල ලැබූ 15 දෙනෙකු කළුබෝවිල ශික්ෂන රෝහලට ඇතුළත් කෙරුණූ අතර තවත් 09 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා

මේ අතර කොළඹ ගිනි නිවීම් ඒකකයේ මෙහෙයුම් නිලධාරී ආර්. ජී. වීජේසූරිය සඳහන් කළේ අද උදෑසන යළි ත් මෙහෙයුම් ආරම්භ කරන බවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site