Home News Breaking නුවරඑළියේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

නුවරඑළියේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

189 views
SHARE

නුවරඑළියේ සිට හග්ගල හරහා පටිටිපොළ දක්වා ධාවනය වු ලංගම බස් රථයක් එම මාර්ගයේ රේන්දපොළ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැනිමෙන් බස් රථයේ ගමන් ගත් විසි තුන් දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා.

ඊයේ (18) පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදුවි ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙහි තුවාල ලැබුවන් අතර කාන්තාවන් 4 දෙනෙකු සහ ළමුන් 4 දෙනෙකු සිටි බව වාර්තා වනවා.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ අයහපත් කාළගුණ තත්ත්වයක් හා ඝණ මිදුම් තත්ත්වයක් තිබු බවයි පොලිසිය පවසන්නේ.

අනතුරෙන් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බව නුවරඑළිය මුලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

බස් රථයේ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය ලිස්සා ගොස් මෙම අනතුර සිදුවි ඇති බව අනතුර පිළිබද පරික‍ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය සැකකරණවා.

මෙම බස් රථය නුවරඑළිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක් බව පොලීසිය වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site