Home News Breaking සොරකම් කල ATM කාඩ් එකෙන් සල්ලි ගත් අයියා නගෝ මාට්ටු වූ හැටි

සොරකම් කල ATM කාඩ් එකෙන් සල්ලි ගත් අයියා නගෝ මාට්ටු වූ හැටි

350 views
SHARE

කාන්තාවකගේ ATM කාඩ්පතක් සොරකම් කර රුපියල් 335000.00 ක් ‍මුදලක් බැංකු ශාඛා කිහිපයකින් ලබා ගත් අයියා නගෝ දෙපලක් නෙළුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ATM කාඩ්පත අයිති කාන්තාව මීට මාස 06 කට පමණ පෙර කුවේට් රටේ සිර ගෙදරක සිට ඇති අතර එහි දී ඇය අසනීප වී රෝහල් ගත කර ඇති අතර එසේ රෝහල් ගත කර අවස්ථාවේ ඇය සමඟ සහයට ගිය කාන්තාවයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මොවුන් දෙදෙනාම කුවේට් රටේ එකම සිර ගෙදරක සිට ඇත්තේ කෙටි කාලීන සිර දඩුවම් සදහා වන අතර එහි දී ATM කාඩ්පත හිමි කාන්තාව අසනීප වී තිබෙනවා.

එම අවස්ථාවේ සහයට රෝහලට ඇගේ මිතුරියක් වන අත්අඩංගුවට ගත් කාන්තාව ද පැමිණ ඇති අතර ඇය රෝහලෙන් පිටවන අවස්ථාවේ දී ඇයගේ හෑන්ඩ් බෑගයේ තිබු මෙම ATM කාඩ්පත නැති වී ඇති බව ඇය දැන ගන්නට ලැබුණු බව සඳහන්.

කෙසේ නමුත් පසුගිය ජනවාරි මාසයේ පමණ ඇය ලංකාවට පැමිණ ඇති අතර ලංකාවට පැමිණි පසුව ද ඇය සිය ගිණුමට අදාල බැංකු පොතෙන් රුපියල් 50000 ක මුදලක් ආපසු ගෙන තිබෙනවා.

එම අවස්ථාව වන විටත් ඇයගේ ගිණුමේ මුදල් තිබී ඇති අතර පසුව නැවත දින කිහිපයක පසුව මුදල් ගැනීමට යෑමේ දී අදාල කාන්තාවගේ ගිණුමේ මුදල් රුපියල් 335000 අඩු වී ඇති බව හෙලි වී තිබෙනවා.

පසුව අදාල බැංකුවට මේ සම්බන්ධයෙන් දැන් වු ඇය මුදල් ලබා ගත් ශාඛා සම්බන්ධයෙන් විමසා ඇති බවයි හෙළිවුණේ.

ඒ අනුව ගාල්ල, උඩුගම හා නෙළුව යන ශාඛා වලින් මෙසේ මුදල් රැගෙන ඇති නිසා ඇය මේ සම්බන්ධයෙන් නෙළුව පොලිසියට පසුගිය පෙබරවාරි මාසයේ දී පැමිණිලි කල බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කල නෙළුව පොලිස් ස්ථානාධිපති බුද්ධික පනාවල ඇතුළු නිලධාරීන් අධිකරණ නියෝගයක් අනුව අදාල බැංකුවේ සී.සී.ටී.වී දර්ශණ නරඹා අති අතර එම සී.සී.ටී.වී. දර්ශණ අනුව එම ATM කාඩ්පත භාවිත කරන ලද පුද්ගලයෙකු සහ එම අවස්ථාවේ ඊට පිටුපසින් සිටි කාන්තාවක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාල පුද්ගලයා බැංකුව වෙත පැමිණ කාඩ් පත ඇතුල් කර රහස් අංකය ඇතුලත් කරන අවස්ථාවේ ඊට පිටුපසින් සිටි ඔහුගේ නැගෙනිය උඩ පනිමින් සිය සොහොයුරා බදාගනු දක්නට ලැබුණු බව පොලීසිය කියා සිටියා.

එම දර්ශණ අනුව සිදුකල පරීක්ෂණ වලින් පසුව නෙළුව ප්‍රදේශයේ පදිංචි වයස අවු 28 සහ අවු 41 වන මෙම අයියා නගෝ දෙපල අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති අතර එම අවස්ථාවේදී හෙලිව ඇත්තේ ATM කාඩ්පත හිමි කාන්තාව සමඟ කුවේට් රටේ දී රෝහලට ගිය කාන්තාව හා අත්අඩංගුවට ගත් කාන්තාව එක් අයකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site