Home News Breaking පොලිස් ජංගම රථයකට වෙඩි

පොලිස් ජංගම රථයකට වෙඩි

229 views
SHARE

කිලිනොච්චිය, පලෙයි, අරසකේනි, කච්චාරු ප්‍රදේශයේදී අද අලුයම පොලිස් නිලධාරීන් රැගත් පොලිස් ජංගම මෝටර් රථයකට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි පලෙයි පොලීසිය පවසනවා.

රාජකාරී කටයුත්තක් සඳහා පොලිස් මෝටර් රථය ධාවනය වන අවස්ථාවේ කච්චාරු ප්‍රදේශයේ කැලෑබද ස්ථානයකදී ඊට වෙඩි ප්‍රහාර 03 ක් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණයවී නැහැ.

ටී 56 අවියකින් වෙඩි ප‍්‍රහාරය එල්ලකර ඇති බව අනාවරණයවී තිබෙනවා.

යුදහමුදා භට පිරිසක් එම ප්‍රදේශයේ දැඩි සෝදිසි මෙහෙයුමක් මේ වනවිට දියත් කරමින් තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site