Home News Breaking අවුරුදු 90ක වයසක මවක් අඩි 2000 උස කඳු මුදුනක අතරමං වෙයි

අවුරුදු 90ක වයසක මවක් අඩි 2000 උස කඳු මුදුනක අතරමං වෙයි

206 views
SHARE

ගම්පොළ පුපුරැස්‌ස රජ තලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 90 ක්‌ පමණ වයසක සයදරු මවක්‌ දින දෙකක්‌ පුරා අතුරුදන්ව සිටියදී පුපුරැස්‌ස ගලේකන්ද නමැති අඩි 2000 ක්‌ පමණ උස කඳු මුදුනක සිටිය දී සොයාගෙන තිබෙනවා.

පඳුරු සහිත ඝන කැලෑවක ගල් කුළු හා කටු පඳුරු මතින් ගොස්‌ මෙතරම් උස කඳු මුදුනකට මෙම වයසක මව ගියේ කෙසේ දැයි ගම්වාසීහු විමතිය පළ කරනු ලබනවා.

මෙම මවගේ දූදරුවන් පස්‌දෙනකු විවාහ පත්ව රජතලාව ප්‍රදේශයේම පදිංචිව සිටින අතර කල්පනා ශක්‌තිය අඩු සිය බාල පුතු සමග මෙම මව නිවසේ සිටි බවයි වාර්තා වන්නේ.

දැනට දින දෙකකට පෙර මව නිවසින් අතුරුදන්ව ඇති අතර ගම්වාසීන් හා දරුවන් එක්‌ව ප්‍රදේශයේ ඇළ, දොළ, ගංගා ඇතුළු ප්‍රදේශයේ සියලුම තැන්වල සොයා තිබෙනවා.

තරුණයන් පිරිසක්‌ මෙම කඳු ප්‍රදේශය අවටද විපරම් කළත් ඇය සොයා ගැනීමට නොහැකි වුණා.

ඒත් තරුණයන් පිරිසක්‌ කඳු මුදුනට යමු යැයි කතා වුණද එතරම් උස කන්දකට කොහොම යන්නද යන්න පිළිබඳවත් විමතිය පළ කර තිබෙනවා.

නමුත් අවසානයේ තරුණයන් කණ්‌ඩායමක්‌ කන්ද නැගීමට තීරණය කොට පරීක්‍ෂාවෙන් ගමන් කිරීමේ දී අතරමග ඇඳ ඇතිරිල්ලක්‌ තිබී හමුවීම නිසා ඔවුන් කඳු මුදුනට නැගි බවයි සඳහන් වන්නේ.

එවිට ඇය කඳු මුදුනේ ගලක්‌ මත වාඩිවී සිටින අයුරු දැක මොවුන් පුදුමයට පත්ව ඉතා අපහසුවෙන් ඇය ඔසවාගෙන පහළට පැමිණ තිබෙනවා.

රාත්‍රී දෙකක්‌ පුරා කිසිදු ආහාරයක්‌ හෝ ජලය නොමැතිව මෙම මව කඳු මුදුනේ ඝන කැලෑවේ සිටි අතර පසුව මෙම මව පසුව රෝහල් ගත කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site