Home News Breaking රතුපස්වල පාසල් සිසුවාට වෙඩි වැදුණු ස්ථානයේ මූණිස්සම් සොයා මෙහෙයුම්

රතුපස්වල පාසල් සිසුවාට වෙඩි වැදුණු ස්ථානයේ මූණිස්සම් සොයා මෙහෙයුම්

197 views
SHARE

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප‍්‍රදේශවාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබූ අවස්ථාවේ රවිශාන් පෙරේරා නම් සිසුවාට වෙඩි තැබූ ස්ථානයේ මූනිස්සම් කොටස් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) පැය හතරක් පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළා.

වැලිවේරිය හෙලන්වත්ත පාරේ පිහිටි එම ස්ථානයේ තාප්පවල අද (18) වන විටත් වෙඩි සලකුණු දැකගන්නට ලැබෙනවා.

වෙඩි සලකුණු සහිත ප‍්‍රදේශවල පාර අයිනේ මතුපිට පස් ඉවත් කරමින් රහස් පොලිසිය මූණිස්සම් කොටස් තිබේදැයි සොයා බලනු ලැබුවා.

පැය හතරක් පුරා සෝදිසි කළත් මූණිස්සම් කොටස් සොයා ගැනීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

කොළඹ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන් එම ස්ථානයට ගෙන්වා යළිත් විමර්ශනයක් සිදු කිරීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහගේ සහ උප පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාරගේ මෙහෙයවීමෙන් කරන ලද සෝදිසියට වැලිවේරිය පොලිසියේ සහ ගම්පහ සොකෝ අංශයේ නිලධාරීහු ද එක්ව සිටියා.

2013 අගෝස්තු පළමු වැනි දා යුද හමුදාවෙන් කළ වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් මිය ගියා.

මෙම වෙඩි තැබීමේ දී රමිල රවිශාන් පෙරේරා නම් සිසුවා මිය ගිය ස්ථානය මීට පෙර පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය හඳුනාගෙන නොතිබූ බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත්වූ විමර්ශනයේදී සිද්ධියෙන් වසර තුන හමාරකට පමණ පසු පසුගිය අපේ‍්‍රල් මාසයේ දී එම ස්ථානය හඳුනා ගත් බව රහස් පොලිසිය මීට පෙර අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site