Home News Breaking සහල් හිඟයක් එයිද ? මිල ඉහළ යයිද ? මෙන්න ඇත්ත

සහල් හිඟයක් එයිද ? මිල ඉහළ යයිද ? මෙන්න ඇත්ත

134 views
SHARE

තමන් සතුව මේ වනවිට ඇත්තේ, දින 20 කට ප්‍රමාණවත් සහල් තොගයක් බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, හේමක ප්‍රනාන්දු පැවසුවේ පසුගිය මාර්තු 31 වැනිදායින් පසු සහල් ආනයනය නොකළ බව යි .

අදාල තත්ත්වය හමුවේ ඉදිරියේ වෙළෙඳපොළ තුළ සහල් මිල ඉහළ යා හැකි බව ද ඔහු සඳහන් කළා

මේ වනවිට සහල් සඳහා රජය ප්‍රකාශයට පත් කළ පාලන මිලක් ක්‍රියාත්මක වේ.

පසුගිය පෙබරවාරි 17 වැනිදා ප්‍රකාශයට පත් කළ මෙම පාලන මිල යටතේ ආනයනික සහ දේශීය සහල් වර්ග සඳහා වෙන වෙනම පාලන මිලක් ක්‍රියාත්මක වේ.

ඒ අනුව දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 80 ක් වේ.

දේශීය කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 78 කටද දේශීය සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 90 කටද අලෙවි කළ යුතුයි.

ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 80 කට අලෙවි කළ යුතු අතර ආනයනික නාඩු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 72 ක්.

එහෙත් එම මිළ ගණන් යටතේ බොහෝ ප්‍රදේශවල සහල් අලෙවි නොවන බව පාරිභෝගිකයින් පවසයි.

දැනටමත් වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් ඇතැයි මරඳගහමුල සහල් මෝල් හිමියන්ගේ සහ සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඩී.කේ.රංජිත් සඳහන් කළා

කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී.දිසානායක පැවසුවේ වී අලෙවි මණ්ඩලය සතුව වී මෙට්‍රික් ටොන් 70 දහසත් 60 දහසත් අතර ප්‍රමාණයක් පවතින බව ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site