Home News Breaking ඇල මාර්ග දෙපස අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර

ඇල මාර්ග දෙපස අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර

124 views
SHARE

ඇල මාර්ග දෙපස සියළු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා බව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සඳහන් කරනවා.

එහි සභාපති අසේල ඉද්දවල පැවසුවේ වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු මේ පිළිබඳව දැඩි අවධානය යොමු වී ඇති බවයි.

ඇල මාර්ග දෙපස ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා මාස තුනක කාලයක් ලබා දෙන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

එසේ ඉවත් නොවන පුද්ගලයින් අධිකරණය හමුවට පමුණුවා තහනම් නියෝග ලබාදෙන බව ද සභාපතිවරයා පැවසුවා.

ඇල මාර්ග දෙපස පදිංචිව සිටින පුද්ගලයින් සඳහා විකල්ප ඉඩම් ලබාදීමට අවධානය යොමු වී ඇති බව ද සභාපති අසේල ඉද්දවල ප්‍රකාශ කළා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site