Home News Breaking පවුල් සෞඛ්‍ය සේවිකාවකට අතවර කරන්න ගිය පුද්ගලයෙකු බන්ධනාගාරයට

පවුල් සෞඛ්‍ය සේවිකාවකට අතවර කරන්න ගිය පුද්ගලයෙකු බන්ධනාගාරයට

245 views
SHARE

පිලියන්දල – ඇරැව්වල පිහිටි පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයට ඊයේ පැමිණි පුද්ගලයෙකු එහි සිටි පවුල් සෞඛ්‍ය සේවිකාවකට පහරදී තිබෙනවා.

එම ස්ථානයට පැමිණි කාන්තාවන් සියලුදෙනා ඉන් පිටව ගිය පසු මෙම පුද්ගලයා පවුල් සෞඛ්‍ය සේවිකාවට අතවර කිරීමට උත්සාහ කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

එම අවස්ථාවේදී ඇය කෑ ගසා ඇති බවත්, එයට උරන වූ සැකකරු ඇයට පහරදී ඇති බවත් සදහන්.

ඇය එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටියදී එම ස්ථානයට පැමිණි මෙම පුද්ගලයා තම බිරිඳ සෞඛ්‍ය සායනයට පැමිණෙන බව පවසා දිගු වේලාවක් එහි රැදී සිට ඇති බව මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කල බවයි පොලීසිය සඳහන් කලේ.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site