Home C Gossip දැරියක් සිරකරගෙන නිවසින් පලායන තුරුම වරින් වර සමුහ දුෂණය කරයි

දැරියක් සිරකරගෙන නිවසින් පලායන තුරුම වරින් වර සමුහ දුෂණය කරයි

4,207 views
SHARE

ලිංගික වහල් සේවය සඳහා සිරකරගෙන සිටි බව පැවසෙන ගැහැණු ළමයෙකු නිවසින් පලායමින් සිටියදී හමුවී ඇතිබව ඕස්ට්‍රේලියානු පොලිසිය පවසනවා.

දාහත් හැවිරිදි ගිනීයා ජාතික යෞවනියට රැකියාවක් ලබාදෙන බව පවසමින් පසුගිය අප්‍රේල් මාසයේදී යම් පුද්ගලයෙකු විසින් සිඩ්නි නුවරට රැගෙන එනු ලැබ ඇති බව නිව් සවුත් වේල්ස් පොලිසිය ප්‍රකාශ කළා.

එම පුද්ගලයා විසින් තමා නිවසක රඳවනු ලැබ සිටි බවත් එතැනින් පලායන තුරු පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම තමන් ලිංගික අතවරයට ලක්වූ බවත් ඇය සඳහන් කර තිබෙනවා.

පලායමින් සිටියදී හමුවූ කාන්තාවක් විසින් ඇය ප්‍රජා මධ්‍යස්ථානයකට භාර දී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු පොලිසියේ, ලිංගික අපරාධ සහ මිනිස් ජාවාරම් මැඬලීමේ බලකාය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.

ලිංගික වහල් සේවයට යොදාගත් බව පැවසෙන මෙම ගැහැණු ළමයා මේවනවිට රෝහල්ගත කර තිබෙනවා.

ගිනීයා රාජ්‍යයේදී ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමන්ට රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වූ පුද්ගලයා ගිනීයා රාජ්‍යයේ දී තමන්ට හමුවූයේ පසුගිය ජනවාරියේදී බවයි.

අනතුරුව ඔහු විසින් පැරිසිය හරහා ඕස්ට්‍රේලියාවට තමන් රැගෙන එනු ලැබූ බවත් ඇය පවසා තිබෙනවා.

17 හැවිරිදි මෙම යෞවනියට ලිංගික අතවර කළ බව පැවසෙන පිරිස සොයා පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site