Home News Breaking කඩාවැටුණු මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

කඩාවැටුණු මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

212 views
SHARE

වැල්ලවත්ත සැවෝයි සිනමාහල පිටුපස කඩාවැටුණු මහල් ගොඩනැගිල්ලේ හිමිකරු පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද ප්‍රකාශ කළේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සිය අනුමැතිය ලබාගෙන නොමැති බවයි.

එමෙන්ම මහල් තුනක ගොඩනැගිල්ලක් ඉදිකරන බවට අවසර ලබාගෙන ඉදිකර තිබූ මෙම පස් මහල් ගොඩනැගිල්ල තවත් මහල් දෙකකින් ඉහළ නංවන විටයි මෙලෙස කඩාවැටීම සිදු වුයේ.

මේ අතර ඊයේ දිනයේ දී පොලීසිය සහ ගිනි නිවන දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ මෙහෙයුමකදී 20 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් ද ගොඩගැනුනා.

අදාළ තරුණයා හැටන් පතන ග්‍රෙගරි වතුයායේ පදිංචිව සිටි රාමන් නිරෝෂන් වන අතර ඔහුගේ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site