Home News Breaking “අයිස් මත් කුඩු” ජාවාරමේ ප්‍රධාන සැකකරු සොයා මෙහෙයුම්

“අයිස් මත් කුඩු” ජාවාරමේ ප්‍රධාන සැකකරු සොයා මෙහෙයුම්

513 views
SHARE

ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් නමැති මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන ජාවාරමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ලෙස සැලකෙන මෙම අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් වත්තල ඇලකන්ද ප්‍රදේශයේ දී පෙරේදා රාත්‍රී සිදුකළ වැටලීමකදී සොයා ගනු ලැබුවා.

කාන්තාවන් දෙදෙනෙකු සතුව තිබී සොයාගත් මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනාගෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ඉන්දියාවේ චෙන්නායිහි සිට මෙරටට රැගෙන විත් ඇති බවයි.

රෙදිපිළි වෙළෙදාම් සිදුකරන මුවාවෙන් කාලයක සිට රහසිගතව මෙම ජාවාරම සිදුව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කාන්තාවන් විසින් මෙම මත්ද්‍රව්‍ය ශරීර අභ්‍යන්තරයේ සඟවාගෙන මෙරටට රැගෙන ආ බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site