Home News Breaking එකම වාහනය පස්‌ දෙනෙකුට විකුණු ලෝක හොරෙක්‌

එකම වාහනය පස්‌ දෙනෙකුට විකුණු ලෝක හොරෙක්‌

375 views
SHARE

කොට්‌ටාව, මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිනාස්‌ මුස්‌ලිම් ජාතිකයෙක්. කොළඹ විදුහලකින් මූලික අධ්‍යාපනය හැදැරුවද මොහු පාසල් කාලයේ සිටම කට්‌ට කෛරාටික පුද්ගලයකු වුණා. පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු මොහු හෝටල් ක්‌ෂේත්‍රයට සම්බන්ධ පාඨමාලාවක්‌ හැදෑරුවා. ඉන්පසු කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් රැසක මොහු සේවය කළා.

නියමිත වයස පැමිණීමත් සමඟම මොහු විවාහ වුණා. ඒ තමා කලක සිට ඇසුරු කළ තරුණියක්‌ සමඟයි. වසර දෙකක්‌ ඇතුළත විවාහ ජිවිතය දෙදරා ගියේ මොහුගේම වැරැදි හේතුවෙන්.

රිනාස්‌ සල්ලිවලට දැක්‌වූයේ දැඩි කෑදරකමකි. මොහුට උවමනා වූයේ ඉක්‌මනින් කෝටිපතියකු වීමටයි. හෝටල් රස්‌සාව කර තමාගේ ඉලක්‌කය කිසි දිනක ඉටුකර ගැනීමට නොහැකි බව ඔහු තේරුම් ගත්තා. එම නිසා ඔහු නීති විරෝධී අයුරින් මුදල් ඉපැයීමට තීරණය කළා.

එලෙස මුදල් ඉපැයීමට ලෙහෙසිම ක්‍රමය වාහන සොරකම් කර විකිණීම බව මොහු තේරුම් ගත්තා. ඒ අනුව ඔහු වාහනවල අගුල් ඇරීම, චැසි අංක, එන්ජින් අංක වෙනස්‌ කිරීමට පුරුදු පුහුණු වුණා. ඉන්පසු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවෙන් හොර ලිපි ලේඛන සකස්‌ කරගන්නා ආකාරය ගැනද ඔහු අධ්‍යයනය කරනු ලැබුවා. සියල්ල දැනගත් පසු රිනාස්‌ වාහන සොරකම් කර විකිණීමේ හොර ජාවාරම පටන් ගත්තා.

දිනක්‌ මොහු කුලී රථ සේවයකට කතා කර කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට සුඛෝපභෝගී මෝටර් රථයක්‌ ගෙන්වා ගෙන මොහු තවත් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට යන ලෙස එහි රියෑදුරාට කියා සිටියා.

රිනාස්‌ මෝටර් රථයේ රියෑදුරුට පැවසුවේ හෝටලයේ අසවල් කාමරේ මගේ ගමන් බෑගය තියෙන බවත්, කරුණාකර එය ගෙනත් දෙන ලෙසත්ය. මෙම හොර තක්‌කඩියාගේ තරම නොදත් එම රියෑදුරා මෝටර් රථයෙන් බැස අදාළ හෝටල් කාමරය සොයා ගෙන ගියා.

එම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් රිනාස්‌ මෝටර් රථය සොරකම් කරනු ලැබුවා. පසුව එම හොර තක්‌කඩියා රසායනික ද්‍රව්‍යයක්‌ භාවිතා කරමින් එහි එන්ජින් සහ චැසි අංක වෙනස්‌ කළා. ඉන්පසු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවේ අල්ලසට සේවය කරන පුද්ගලයකු හරහා එම මෝටර් රථය සඳහා අලුත් පොතක්‌ද ලබා ගත්තා.

සතියක්‌ පමණ එම මෝටර් රථය පාවිච්චි කළ මොහු පසුව එය බදුල්ල ප්‍රදේශයේ ගුරුවරයකුට අලෙවි කළේ වෙළෙඳ පොළේ පවතින මිල ගණන් යටතේමයි. මෙලෙස පටන් ගත් වාහන සොරකම් කිරීම මොහු දිගින් දිගටම කරගෙන යනු ලැබුවා.

මුස්‌ලිම් ජාතිකයකු වුවත් ඇතැම් අවස්‌ථාවල මොහු පෙනී සිටින්නේ සිංහලයකු ලෙසින්. රිනාස්‌ සතුව හොර හැඳුනුම්පත් දහයක්‌ පමණ තිබී සොයාගෙන තිබෙනවා. ඒවා සකස්‌ කරගෙන තිබුණේ වෙනත් පුද්ගලයන්ගේ පිංතූරය ඉවත්කර ඒ වෙනුවට තමාගේ පිංතූරයක්‌ ඇතුළත් කර ගැනීමෙන්. සොරකම් කළ වාහන විකුණන සෑම අවස්‌ථාවකදීම ඔහු භාවිතා කළේ හොර හැඳුනුම්පත්.

මෙලෙස වාහන සොරකම් කිරීමේ සිද්ධීන් රැසක්‌ සම්බන්ධව බොරැල්ල පොලිසිය මගින් මොහුව අත්අඩංගුවට ගන්නේ දැනට වසර හතකට පමණ පෙරයි. එලෙස අත්අඩංගුවට ගත් මොහුව රාත්‍රී කාලයේ සිර මැදිරය තුළ රඳවා තබන්නේ පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහායි. එහෙත් මොහු ඉතා සූක්‍ෂම අයුරින් එම සිර මැදිරියේ යකඩ කූරු කඩා පලා යන්නේ පොලිසියටද කොකා පෙන්වමින්.

පොලිසියෙන් එලෙස පලායන රිනාස්‌ රටපුරාම වාහන සොරාගෙන විකිණීමට පටන් ගත්තා. එක්‌ වරක්‌ මොහු එකම මෝටර් රථය පස්‌ දෙනකුට විකුණා තිබෙනවා. තවත් වරක්‌ වෑන් රථයක්‌ පුද්ගලයන් තිදෙනෙකුට විකුණා ඇති බව සඳහන් වනවා.

මෙම හොර තක්‌කඩියා වාහන සොරකම් කර විකිණීමට අමතරව හෙරොයින් විකිණීමටද පටන් ගත්තා. ඒවාද ඉතා සූක්‍ෂම අයුරින් විකිණීමට මොහු සමත් විය. මාස කිහිපයක්‌ ඇතුළත මොහු හෙරොයින් විකුණා විශාල මුදලක්‌ උපාය ගෙන තිබෙනවා.

අපරාධකරුවෙකුට සැමදා සැඟව සිටිය නොහැකිය යන කියමන සැබෑ කරවමින් මොහුවද පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේ හෙරොයින් ග්‍රෑම් කිහිපයක්‌ සමඟින්. එලෙස අත්අඩංගුවට පත්වූ මොහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කළ අපරාධ සියල්ල දැන ගැනීමට හැකිවී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site