Home C Gossip ලංකා දේශපාලනය උඩු යටිකුරු කරන කැබිනට් සංශෝධන මෙන්න

ලංකා දේශපාලනය උඩු යටිකුරු කරන කැබිනට් සංශෝධන මෙන්න

2,642 views
SHARE

ඇමැති මණ්ඩල සංශෝධනය හෙට (22) සිදුවන බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ වන විට ඇමතිධූර කුමන ආකාරයෙන් හුවමාරුවේද යන්න පිළිඳව සියල්ලන්ටම ඇත්තේ දැඩි කුතුහලයක්.

මේ වන විට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යධූරය දරමින් සිටින ගයන්ත තරුණාතිලකට රාජ්‍ය පරිපාලන අමාත්‍යධූරය ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

එසේම මේ වන විට විදේශ කටයුතු අමාත්‍යධූරය දරන මංගල සමරවීරහට ජනමාධ්‍ය හා මුදල් ඇමතීධූරය ලබා දීමට යෝජනා වී ඇති බවද ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

එසේම පසුගිය දිනවල වැඩි කතා බහට ලක්වුණු ජෝන් අමරතුංගගේ ඉඩම් ඇමතිධූරය, රංජිත් මද්දුම බණ්ඩාරහට ලබාදීමට තීරණය වී ඇති බවද දැනගන්නට ලැබෙනවා.

තවද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලඥයින් වන මහින්ද අමරවීර සහ සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරුන්හට දැනට පවතින ඇමතීධූර වලට අමතරව තවත් බලතල සහිතව ඇමතිධූර ප්‍රසාරණයවීමට ඉඩ ඇති බවටද වාර්තා වනවා.

තවත් නව ඇමතිධූර තුනක් අලුතින් පිරීනැමීමට තීරණය වී තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් මේ වන විට මුදල් ඇමතිධූරය දරණ රවී කරුණානායකහට ලබාදීමට යෝජනා වී ඇත්තේ විදේශ කටයුතු ඇමතිධූරය බවත් ඔහු ඒ සඳහා මේ වන විටත් කැමැත්තක් ප්‍රකාශ කර නොමැති බවත් ආරංචි මාර්ග වලින් පෙන්වා දෙනවා.

ඒ අනුව හෙට උදෑසන (22) උදෑසන 8.30 වන විට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස කැබිනට් ඇමතිවරුන්ට දැන්වීමට කටයුතු කර ඇති බවද ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකුගේ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site