Home News Breaking රතන හිමිගේ වාහනයේ යතුරු පැදියක් ගැටෙයි – හිමියන් වෙනත් වාහනයක නැගී පලායයි

රතන හිමිගේ වාහනයේ යතුරු පැදියක් ගැටෙයි – හිමියන් වෙනත් වාහනයක නැගී පලායයි

386 views
SHARE

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ අටවැනි සහ නව වැනි සැතපුම් කණුව අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ගමන් කරමින් තිබූ මෝටර් රථයේ යතුරු පැදියක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඉන් සමෘද්ධි නියාමකවරියක් තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රතන හිමියන් ගමන් ගත් මෝටර් රථය තවත් වාහනයක් පසු කර යාමට උත්සාහ කරන විට ඉදිරියෙන් ගමන් කරමින් තිබූ යතුරු පැදියේ පිටුපස ගැටී ඇති බව පොලීසිය සඳහන් කළා.

අනතුරින් පසුව ඒ සමගම පැමිණ වෙනත් වාහනයක නැගී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පිටත්ව ගොස් ඇති අතර අනතුර සිදුවන විට රතන හිමියන් ද වාහනයේ සිටි බවට රියදුරු පොලීසියට පවසා තිබෙනවා.

මෝටර් රථය සහ එහි රියදුරු අත්අඩගංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site