Home News Breaking දකුණු පළාත් සභාවටත් දෝෂාභියෝගයක් එයි

දකුණු පළාත් සභාවටත් දෝෂාභියෝගයක් එයි

277 views
SHARE

දකුණු පළාත් සභාවේ මහ ඇමැති ෂාන් විජේල්ලා ද සිල්වා ඇතුළු මුළු ඇමැති මණ්ඩලයම ගෙදර යැවීම සඳහා පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් දෝෂාභියෝගයක් ගෙන එන බැව සන්ධානයේ මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) ඊයේ (21) ඔහුගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

ඔහු මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේද කියා සිටියා.

“දකුණු පළාත් ප්‍රධාන ඇමැතිවරයා ඇතුළු ඇමැති නඩය ගෙදර යැවීම සඳහා දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය දැඩි තීන්දුවක් ගන්නවා. මේ ප්‍රධාන ඇමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලයෙන් අපට වූ දෙයක් නැහැ. දකුණේ ජනතාවගේ ඒකායන බලා‍පොරොත්තුව තමයි පළාත් සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට ලබාගැනීම. ඒ සඳහා සුදුසු පුද්ගලයකු මහ ඇමැති ධුරයට තෝරා ගන්නවා. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය අත්වැල් බැඳගෙන ඉන්නවා.
නවක මන්ත්‍රීවරු හා ‍‍‍ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කියා අපේ බෙදීමක් නැහැ. ෂාන් විජේලාල් ද සිල්වා මහ ඇමැති ඇතුළු ඇමැති නඩය ගෙදර යැවීම සඳහා ඒකාබද්ධ විපක්ෂය දෝෂාභියෝගයක් ගෙන එන එක ගෙන එනවාමයි. ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවොත් ඒකට මුලින්ම අත්සන් කරන්නේ මම. යහපාලනයට විරුද්ධව මොන දෝෂාභියෝගය ගෙනාවත් එයට පළමුවෙන්ම අත්සන් කරනවා. පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ බලය තියෙන්නේ අපට.
අපට මොන තනතුරු, වරප්‍රසාද නැති වුණත් ජනතාවගේ මතය ජයග්‍රහණය කරන්න සූදානම්. යහපාලන ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන ඇමැතිවරයා ඇතුළු ඇමැති කණ්ඩායමටම දෝෂාභියෝගයක් ගේනවා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සඳහා එජාපයේද සහයෝගය අපට ලැබෙනවා. දකුණේ මහ ඇමැති ෂාන් විජේලාල් ද සිල්වා දකුණට දීපු වැඩ පිළිවෙළ මොකක්ද? ඒ සඳහා දීපු සංකල්පය කුමක්ද? මහ ඇමැති කරපු වැඩක් නැහැ. ඡන්දය බලාගෙන සොච්චම් දේවල් ලබාදුන්නට ඒක දේශපාලනය ‍නෙවෙයි. එනිසා දකුණු පළාත් සභාවේ මහ ඇමැතිතුමා ඇතුළු ඇමැති නඩයම ගෙදර යවන්න අපි කටයුතු කරනවා.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site