Home News Breaking ආර්. ප්‍රේමදාසගේ දියණියට ලක්ෂ 20ක වන්දියක්

ආර්. ප්‍රේමදාසගේ දියණියට ලක්ෂ 20ක වන්දියක්

1,164 views
SHARE

හිටපු ජනාධිපති, දිවංගත ආර්. ප්‍රේමදාස මහතාගේ දියණියක වන දුලාංජලී ජයකොඩිට කූඨ ලෙස සකස් කරන ලද මුදල් තොගයක් ලබාදුන් විත්තිකරුට වසර 5ට අත්හිටවූ වසර දෙකක සිරදඬුවම් නියම කර තිබෙනවා.

මීට අමතරව මහාධිකරණය විසින් වරද පිළිගත් විත්තිකරුට රු. ලක්ෂ 5ක දඩයක් ගෙවන ලෙස හා දුලාංජලීට ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළ බවයි වාර්තා වන්නේ.

2014 මාර්තු 25 වන දින කොළඹ පාර්ක් වීදියේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද නෝට්ටු සන්තකයේ තබා ගැනීම, ඒවා මුද්‍රණය කිරීමට උපයෝගි කරගත් යන්ත්‍රයක් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පවත්වාගෙන යාම යන අධිචෝදනා විත්තිකරුට එල්ලවී තිබුණා.

විත්තිකරු විසින් දුලාංජලී ජයකොඩිට ව්‍යාජ රුපියල් 5000ක මුදල් නෝට්ටු 503ක් ලබාදීමෙන් පසු ඇය විසින් එම නෝට්ටු වලින් කොටසක් පුද්ගලික බැංකුවක තැන්පත් කිරීමට යාමෙන් මෙම වංචාව අනාවරණය තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි දුලිප් පෙරේරා නමැති විත්තිකරුවෙකුට මෙලෙස දඬුවම් නියම කරනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site