Home News Breaking අභිරහස් ලෙස මිය ගිය වෛද්‍යවරියකගේ මළ සිරුර නිල නිවසේන් හමුවෙයි

අභිරහස් ලෙස මිය ගිය වෛද්‍යවරියකගේ මළ සිරුර නිල නිවසේන් හමුවෙයි

471 views
SHARE

අභිරහස් ලෙස මිය ගිය නුවරඑළිය මූලික රෝහලේ සේවය කළ නිර්වින්දන වෛද්‍යවරියකගේ මළ සිරුරක් ඇයගේ නිල නිවසේ තිබී හමුවී තිබේ.

අද (23) පස්වරුවේ පොලීසිය විසින් ඇයගේ මළ සිරුර සොයාගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

එම රෝහලේම වෛද්‍යවරයෙකු සමග විවාහවී සිටි ඇය පසුව දික්කසාදවී තනිවම දිවි ගෙවා ඇති බවත්, විෂ ශරීරගත කර ගැනීමකින් සියදිවි නසාගත්තේද යන්න පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය පවසයි.

කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටින ඇය නිවාඩු ලබා සිටිය බවත්, හෙට දිනයේ යළි රාජකාරිය සඳහා වාර්තා කළ යුතුව තිබියදී අද (23) නිල නිවසට පැමිණ සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අප වාර්තාකරු කියා සිටියි.

ඇයගේ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ නුවරඑළිය මහේස්ත්‍රාත් ඉන්දික රුවන්ද සිල්වා විසින් පැවැත්වූ බවත්, එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන ලෙස නියෝග කළ බවත් අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site