Home News Breaking හික්කඩුවේ වෙඩි තැබීම පාතාල කල්ලි අතර පළිගැනීමක් බවට සැකයක්

හික්කඩුවේ වෙඩි තැබීම පාතාල කල්ලි අතර පළිගැනීමක් බවට සැකයක්

205 views
SHARE

හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ ගොඩනැගිල්ලක් තුළ ඊයේ (23) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමට කලක සිට පැවති ආරවුලක් හේතු වී ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

ඊයේ පස්වරුවේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 26 හැවිරිදි සහ 34 හැවිරිදි වියේ පසුවූ දොඩම්දූව ප‍්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙක්.

පොලිසිය සඳහන් කළේ ටී 56 ගිනි අවියක් උපයෝගී කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මුහුණු ආවරණය කර ගනිමින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවද පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.

රත්ගම හිටපු ප‍්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් සහ පාතාල සාමාජිකයෙකු වන පොඩි ලැසීගේ කල්ලි අතර මෙම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site