Home News International මැන්චෙස්ටර් ප්‍රහාරයේ සැකකරු අඳුනා ගැනෙයි

මැන්චෙස්ටර් ප්‍රහාරයේ සැකකරු අඳුනා ගැනෙයි

212 views
SHARE

ජීවිත 22ක් බිලිගත් මැන්චෙස්ටර් මරාගෙන මැරෙන ප්‍රහාරයේ සැකකරු සල්මන් අබේඩි නමැති ජිහාඩ් ප්‍රහාරකයෙකු ලෙස අනාවරණය වී තිබෙනවා

බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් හිදී උපත ලැබූ 22 හැවිරිදි තරුණයෙකු වන මෙම ප්‍රහාරකයා , ලිබියානු සම්භවයක් ඇත්තෙකු බවද හෙළි වී ඇති බව සඳහන්.

මැන්චෙස්ටර් එරීනා හි සංගීත ප්‍රසංගය අවසානයේදී පුපුරා ගිය යකඩ බෝල යොදා ගනිමින් සකසා තිබූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්තයන් විසින් එහි වගකීම භාර ගෙන තිබෙනවා.

මෙහිදී 8 හැවිරිදි දරුවෙකුද ඇතුළුව තරුණ තරුණියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 59 දෙනෙකු රෝහල්ගත කරනු ලැබුවා.
ප්‍රහාරයෙන් සමස්තයක් ලෙස තුවාල ලැබූ පිරිස 100කට වැඩි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තමා බ්‍රිතාන්‍යයේදී උපත ලැබූවද තමාගේ සම්භවය ලිබියානු පවුලක් යන්න ඔහුගේ සිතේ නිතර පැවති බවත්, ඔහු මෑත කාලයක සිට මුහුණපුරා රැවුල වවා සිටි බවත් ඔහුගේ පාසල් මිතුරෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

එමෙන්ම, ඔහුගේ අසල්වාසීන්ට අනුව අබේඩි ආසන්න කාල සීමාවේදී සැකකටයුතු හැසිරීමක්ද පෙන්වූ බව එම වාර්තා පෙන්වා දෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site