Home News Breaking “මදුෂ්” ළඟට පනින්නගොස් මාට්ටු වූ “අංගොඩ ලොක්කා” රැගෙන ඒමට විශේෂ පොලිස් කණ්ඩායමක්

“මදුෂ්” ළඟට පනින්නගොස් මාට්ටු වූ “අංගොඩ ලොක්කා” රැගෙන ඒමට විශේෂ පොලිස් කණ්ඩායමක්

2,199 views
SHARE

ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ ‘අංගොඩ ලොක්කා’ සහ ඔහුගේ ගෝලයකු වූ ‘අතුරුගිරියේ ලඩියා’ මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් චෙන්නායි නුවර බලා යාමට නියමිතව තිබෙනවා.

පාතාල කල්ලි නායක සමයං ඇතුලු 07 දෙනෙකු කළුතරදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අංගොඩ ලොක්කා නැමැති පාතාල කල්ලි නායකයා පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුව ගැනුණා.

එහිදී ඔහු සමග තවත් අයෙකුද අත්අඩංගුවට පත්වූ අතර ඔහු ‘අතුරුගිරියේ ලඩියා’ බවයි හඳුනා ගෙන තිබෙන්නේ.

ඉන්දීය ආරක්ෂක අංශ විසින් ඔවුන් දෙදෙනාගේ ඡායාරූප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එවා ඔවුන්ගේ අනන්‍යතාව මේ වන විට තහවුරු කරගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම සහ ‘සමයං’ ඝාතන සිද්ධිය ඩුබායි සිට සැලැසුම් කරන ලද දකුණේ පාතාල නායකයකු වූ මාකඳුරේ ‘මධුෂ්’ නමැත්තා ළඟට යෑමට අංගොඩ ලොක්කා සහ ඔහුගේ ගෝලයා චෙන්නායි ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site