Home News Breaking Ebay එකෙන් බඩු ගෙනත් හමාරයි

Ebay එකෙන් බඩු ගෙනත් හමාරයි

1,116 views
SHARE

අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ගණදෙනු මෑතකාලයේ ඉහල යාමත් සමග ඒ සඳහා බද්දක් පැනවීමට රජය සූදානම් වන බව වාර්තා වනවා.

මෑත කාලය තුළ ලංකාව තුළ Ebay, Aliexpress වැනි අන්තර්ජාල වෙළඳසැල් වලින් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය ඉහලගොස් ඇති අතර එම සිදුවන ගනදෙනු වලින් රජයට කිසිදු බදු ආදායමක් හිමි නොවන බැවින් මේ පිලිබඳ රජයේ අවධානය යොමුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අනුව Ebay, Aliexpress වැනි වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගන්නාවිට මුදල් ගෙවීමේදී ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA ) විසින් නිර්මාණය කරන ලද පොදු පද්ධතියක් හරහා එම බදු මුදල් අයකරගැනීමට නියමිත බව වාර්තා වනවා.

මෙම පොදු පද්ධතිය මහා භාණ්ඩාගාරයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතයි.

නමුත් මේ පිලිබඳ අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ අන්තර්ජාල ගණදෙනු සඳහා බදු පැනවීම ප්‍රායෝගික නොවන බවයි. එයට හේතුව වන්නේ Ebay , Aliexpress, Airbnb වැනි වෙබ් අඩවි ඔවුන්ගේ මව් රට මූලික කොටගෙන ලොව වටා සේවාව ලබාදීම හේතුවෙන් වෙනත් රටවල රජයන් සමග සෘජු සම්බන්ධතා නොපැවැත්වීමයි.

බදු පැනවූවහොත් Airbnb ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතා දැමීමේ සූදානමක් ඇති බවද වාර්තා වනවා.

එසේ Airbnb ලංකාවේ මෙහෙයුම් කටයුතු වලින් ඉවත් වුවහොත් Airbnb තුලින් යැපෙන ලංකාවේ ව්‍යාපාර 7000 කට අධික ප්‍රමාණයක් අඩපණ වීමේ අවධානමක් ද පවතිනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site