Home News Breaking අහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක රැසකට දැඩි බලපෑම් – ජල සැපයුමත් බිඳ වැටෙයි PHOTOS

අහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක රැසකට දැඩි බලපෑම් – ජල සැපයුමත් බිඳ වැටෙයි PHOTOS

242 views
SHARE

අහපත් කාලගුණයෙන් පුද්ගලයන් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ තවත් පුද්ගලයින් 110 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි.

මීට අමතරව පුද්ගලයින් 53,000කට වැඩි පිරිසක් පීඩාවට පත්වී ඇති බව ද සඳහන්.

රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, කොළඹ, හම්බන්තොට සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලට මෙලෙස අයහපත් කාලගුණයෙන් දැඩි බලපැම් එල්ල වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 37 ක් වනවා.

රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද මරණ 29 ක් වාර්තා වනවා.

පීඩාවට පත්වු මුළු පිරිස පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව දිස්ත්‍රික් ලේකම්වරුන් සඳහන් කළා.

මේ අතර ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල ජනතාව ඉවත් කර ගැනීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව යොදවා තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ, පාදුක්ක ප්‍රදේශය ජලයෙන් යටවී ඇති අතර කැළණි ගඟේ ජල මට්ටම ද අවදානම් තත්ත්වයක පවතින බව වාර්තා වනවා.

තුන්මෝදර ප්‍රදේශයේ ඇති වූ නායයාමන් හේතුවෙන් කලටුවාව සහ ලබුගම ජල පවිත්‍රාගාරයන්හි සිට ජලය බෙදාහරින ප්‍රධාන නළ මාර්ගයට හානි සිදුවී තිබෙනවා.

මේ හේතුවෙන් වග, කළුඅග්ගල, හංවැල්ල, ජයවීරගොඩ, රණාල, නවගමුව යන ප්‍රදේශ වලට ජල සැපයුම බිදවැටී ඇති බව වාර්තා වනවා.

කඩුවෙල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site