Home News Breaking විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

253 views
SHARE

පවතින අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය හේතුවෙන් සෙනසුරාදා (27) සහ ඉරිදා (28) දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ විභාග පහක් කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව හෙට (27) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය කළමනාකරණය සහකාර සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය 2016/2017, සහකාර රියදුරු උපදේශකයන් ලියාපදිංචි කිරීම සඳහා වන ලිඛිත විභාගය 2016 (2017), කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ක්ෂේත්‍රගත/කාර්යාලගත ඛාණ්ඩ 2 සේවා ගණයේ උපදේශන නිලධාරී තනතුරු දෙවැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය 2016 (2017) යන විභාග සහ ඉරිදා (28) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය කළමනාකරණය සහකාර සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ විභාග පැවැත්වෙන දින ඉදිරියේදී දැනුම්දෙන බවත් දැනට නිකුත් කර ඇති විභාග ප්‍රවේශ පත්‍ර අවලංගු කෙරෙන බවත් නව විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේදී නිකුත් කරන බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 011 2 785 230 සහ 011 2 177 075 යන දුරකතන අංකවලින් සහ පැය 24 පුරා ක්‍රියාත්මක 1911 යන ක්ෂණික දුරකතන ඇමැතුම් අංකයෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site