Home News Breaking මුදා ගැනීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මකයි

මුදා ගැනීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මකයි

153 views
SHARE

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අද(27) දිනයේත් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න පැවසුවේ කොග්ගල ගුවන් හමුදා කඳවුරේ සිට හෙලිකොප්ටර් යානා තුනක් අද (23)දිනය තුළද විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා දායක වන බවයි.

ඊට අමතරව රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් ද එම්. අයි 17 හෙලිකොප්ටර් යානයක් විපතට පත්වූවන් මුදාගැනීමට මේ වන විටත් පිටත්ව ගොස් ඇති බව ගිහාන් සෙනෙවිරත්න පැවසුවේය.

මේ අතර ඊයේ දිනයේ මුදාගැනීම් මෙහෙයුම් වලට සහභාගී වෙමින් සිටියදී අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ ගුවන් භටයෙකු මියගොස් ඇති බව ගිහාන් සෙනෙවිරත්න කියා සිටියේය.

ගාල්ල නෙළුව ප්‍රදේහයේදී මෙම ගුවන් භටයා අනතුරට ලක් විය.

අනතුරුව ඔහු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඊයේ රාත්‍රී 9.45 ට පමණ ඔහු මියගිය බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.