Home News Breaking ගංවතුර තත්ත්වයේ පහව යාමක් නෑ – අවධානයෙන් සිටින්න

ගංවතුර තත්ත්වයේ පහව යාමක් නෑ – අවධානයෙන් සිටින්න

350 views
SHARE

දිවයිනට බලපැ ඇති ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බවත්, ඇතැම් ප්‍රදේශ වල ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ප්‍රියන්කර උදයසිරිවර්ධන පැවසුවේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්ත්වයද එලෙසම පවතින බවත් ගාල්ල මාපලගම ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් එම ප්‍රදේශයේ ජනතාව මුදාගැනීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියා.

පාලින්ද නුවර, බුලත්සිංහල ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර කළුතර, පලාතොට හරහා නාගොඩ මාර්ගය ද මේ වන විට ජලයෙන් යටවී ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.

කළුතර මෝය කට ජලය බැසයාම සඳහා පුළුල් කිරිමේ කටයුතු ද අද දිනයේ සිදුකරන බවයි මධ්‍යස්ථානය සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ කඩුවෙල , රණාල, නවගමුව, බෝපිටිය, බෝමිරිය, මහදෙණිය, ගලිගමුව, හෝකන්දර දකුණ ආදී ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බවයි.

වැල්ලම්පිටිය, සිංහපුර, සේදවත්ත, ඓගොඩ කොලොන්නාව යන ප්‍රදේශ වලටද ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ජල මට්ටම සුළු පහල යාමක් පෙන්නුම් කරන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුහෝතාගම කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site