Home News Breaking කැම්පස් එකක් නැති හම්බන්තොටට කාමර 100ක ශිෂ්‍ය නේවාසිකාගාරයක්

කැම්පස් එකක් නැති හම්බන්තොටට කාමර 100ක ශිෂ්‍ය නේවාසිකාගාරයක්

201 views
SHARE

කිසිදු විශ්වවිද්‍යාල පීඨයක් නොමැති හම්බන්තොට, වැලිගත්ත ප්‍රදේශයේ මිලියන 220ක් වැය කරමින් ඉදිකළ ශිෂ්‍ය නේවාසිකාගාරයක් පිළිබඳ තොරතුරු රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

කාමර සියයකින් යුත් මේ ශිෂ්‍ය නේවාසිකාගාරය මේ වන විටත් භාවිතයට නොගෙන වසා දමා ඇති බවද පසුගියදා රැස්වූ රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය වූ බව සඳහන්.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මේ පිළිබඳ අදාළ ගිණුම් කාරක සභාවේදී ප්‍රශ්න කර ඇති අතර එහිදී හෙළිව ඇත්තේ හම්බන්තොට, වැලිගත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ පටක රෝපණ පීඨයක් මිස විශ්වවිද්‍යාල ශිෂ්‍ය නේවාසිකාගාරයක් නොවන බවයි.

මෙම නේවාසිකාගාරය පසුගිය රජය සමයේ ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර මේ වන විට එය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇති බව අනාවරණය වී තිබෙනවා.

රාජ්‍ය ගිණුම් කාරක සභාවට කැඳවූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන්ගෙන් මන්ත්‍රි බිමල් රත්නායක ප්‍රශ්න කර ඇත්තේ මේ ඉදිකිරීම් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමැතිය ලබාගෙන තිබේද යන්නයි.

ඒ පිළිබඳ කිසිදු ලේඛනයක් ඉදිරිපත් කිරීමට ඔවුන් සමත් නොවූ බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site