Home News Breaking නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කල දිස්ත්‍රික්ක 08 ක අවධානම් කලාප මෙන්න

නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කල දිස්ත්‍රික්ක 08 ක අවධානම් කලාප මෙන්න

395 views
SHARE

ඉදිරි පැය 24තුළ තද වැසි ඇති වුවහොත් නායයාමේ අවදානම් මතුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

දිස්ත්‍රික්ක 08ක් සඳහා අද දහවල් 01.00 මෙම නායයාම් අනතුරු ඇගවීම් නිවේදනය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ඉදිරි පැය 24ක කාලය සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇති අතර කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙනවා.

රත්නපුර, කෑගල්ල, ගාල්ල, කලුතර, මාතර, හම්බන්තොට, මහනුවර හා නුවර එළිය යන දිස්ත්‍රික්ක අට සඳහා නාය යෑමේ අවධානමක් ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

එම ප්‍රදේශ පහතින්,

රත්නපුර – රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න හා නිවිතිගල

කෑගල්ල – බුලත්කොහිපිටිය, දැරණියගල, යටියන්තොට හා දෙහිඹ්විට

ගාල්ල – බද්දෙගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියගම, නාගොඩ

කලුතර – බුලත්සිංහල, අඟලවත්ත, වලල්ලාවිට, බඳුරලිය

මාතර – කොටපොල, පස්ගොඩ, පිටබැද්දර, මුලටියන

හම්බන්තොට – වලස්මුල්ල, කටුවාන

නුවර – ගඟ ඉහළ කෝරළේ

නුවරඑළිය – අඹගමුව

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site