Home Diyawanna Susthara සුදෝ සුදු ඇදුම යට සර්ප හිත්

සුදෝ සුදු ඇදුම යට සර්ප හිත්

5,490 views
SHARE

හෝයි ගාලා යමරෙට වහිනවා. මෙහෙම වැස්සොත් දියවන්නාවට එන්නත් බෝට්ටුවක් දාන්න වෙයි වගේ. පහුගිය ටිකේම අරහෙන් මෙහෙන් ඇහුන කථා එළිවෙන ජාමෙට කියලා පත්තු වුණානේ කැබිනට්ටුවේ වෙනසෙන්. පාට පාට ලෝකයක් … අමුතුම ආලෝකයක්… වෙනසේ රගේ… මේක මොලේ අමාරුවක්… මොංගල් ආණ්ඩුවක්…

මොන මගුල වෙනස් වුණත් තාම ලොකුම කතාව ඇමති රවී. අද වෙනකොට ආසියාවේ හොදම මුදල් ඇමති දොට්ට, මලික් ගානට දුන්නා වගේ ගේම නේද ? රනිල් ලොක්කා ඉතිං මලික් ගේ කථා විස්වාස කරනවා කියන එක හැමෝම දන්න රහසක්. “සුදෝ සුදු ඇදුම යට සර්ප හිත්” ඔය නමනන් මරු මේ වෙලේ දියවන්නාවේ චිත්‍රපටියක් ගහන්න.

මුලින්ම ඇමති රවී මුදල් ඇමැතිකමින් ඉවත් වෙන්න කැමති වුනේම නැහැ. දැන් නම් කොහොම හරි එයා විදෙස් ඇමති. එත් එක්ක තව ආයතන පට්ටන්තර ටිකකුත් ලැබුණානෙ. ඇතුලේ කතාව විදියට ඔන්න කියවෙන ඕපා දුපය වෙන්නේ ඇමති රවීව ලොක්කා පක්ෂේ ලොක්කා කරන්න යනවා කියන කථාව.

ඒ නිසා රනිල් කියලලු විදෙස් භාර අරන් රටවල් වල එක්ස්පිරියන්ස් එක ගන්න කියලා. හැමෝම කියන්නේ මේක රනිල් ලොක්කා මොලෙන් ගහපු ගේමක් කියලා රවී අයියගේ හිත හදන්න. කොයි කවුරුත් ගේම් ගැහුවත් රවී කියන්නෙත් සුළු පටු මොලයක් නෙමෙයි කියලා අමතක කරන්නත් හොද නැහැ කවුරු කවුරුත්.

කොහොම වුණත් අශ් ඇත්තනේ කියන්නේ අපි කිවුව ඒවා බොරු වුණෙත් නැහැනේ. කියන්නද නොදන්නා රවී ගේ විස්තර ටිකක්. රවී බුදු ගේමක් ගැහුවා මුදල් ඇමතිකමේ ඉන්නකොට තියෙන ඒවා වහලා කොහොම හරි ආණ්ඩුව ගොඩ දාන්න. මන් හිතන්නේ මේ පහුගිය අවුරුදු දෙකහමාරට රවී අයියට ගෙයක් තිබ්බේ නැහැ. හොද වෙලාවට ළමයි ලොකුයි. මොන වුණත් රවී මෙලාගේ අදර කථාව රසවත් රෑ 12 අහු වෙනකොට රවී නැති වෙනකොට මෙලා පහුගිය කාලේ ළමයි අරන් ගියේ මුදල් අමාත්‍යංසේ මොකද පාන්දර වෙනකල් රවී එතන. රවී කොයි ගේම ගැහුවත් අන්තිමට ක්‍රෙඩිට් එක අනුන්ට ඇගිල්ල දික්වුනේ රවීට.

කොහොමත් පහුගිය අතීතේ ගත්තම රවිගේ පට්ටම් කපපු මුල මේක නෙමෙයි. මුදල් අමාත්‍යංශය යටතේ තිබ්බ ආයතන 50 ක් සෙත්තපෝච්චි කරලා පොදු ව්‍යාපාර හා මහජන ව්‍යවසාය අමාත්‍යංශයට රවී අයියාව අනුයුක්ත කළා. සේරම රනිල් ලොක්කගේ ගේම්. පොලිටික්ස් වල රනිල් කොහොමත් ඔලුවෙන් ගේම් ගහනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයිනේ.

රවී විතරක් නෙමෙයි පක්ෂෙ තමන්ගේ ගේ කර ගත්ත රංජිත් මද්දුම බණ්ඩාරවත් රනිල් ලොක්කා කැපුව හැටි මතකයිනේ. ඔය වගේ ඒවා තියෙනවා කියන්න ගියොත් කියන්නනම් ගොඩක්. මොන වුණත් සහෝදරවරුනි නෝනා මහත්වරුනි අවසානයේදී කියන්න තියෙන්නේ කුහකයි අජූතයි මේ නරා වල ටොයිලට් වලකටත් වඩා අන්ත ගදයි . කොහොම වුණත් රවීට ලොකු වෙබ් ගේමකුත් ගියා. සමහරු ඕවා කෙලින්ම රනිල් ලොක්කට යවලලු. මංගල ඕකෙන් එක දාගෙනත් කියලා කියනවා.

ඕව හිත හිතා දියවන්නාවේ ඇමති කාමර පැත්තට යනකොට දෙයියනේ කියලා ඇමති රවී එනවා ඉස්සරහට. කෝකටත් කියලා ඉතිං ආෂ් විෂ් කරන ගමන් පොඩි ටෝකක් දැම්මා අළුත් ඇමති කම ගැන. කඩා වැටුණු දන ගැස්සු ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් වීම ගැන සතුටු වෙමින් අළුත් ඇමතිකම එක්ක සැලසුම් ගොඩක් දැනටමත් අලුත් විදේශ ඇමතිට තියෙනවා කියලා නම් ඒ කතාවෙන් පෙනුණා . ඒ කථා අස්සේ ඇමති රවී කියනවා ඇමති මංගල ගොඩක් ඒවා කරලලු විදේශ අමත්‍යන්සෙට. හිනත් ගියා ඒ කථාවට ආෂ්ට. අනේ මෙහෙමත් තමන්ගේ වුන් කියලා තමන්ගේ වුන්ව වහන්න යන අලියෝ ටික කියලා.

ඇමති මංගල මේ කාලෙට කල කෙන්ගෙඩියක් නම් ආෂ් දන්නේ නැහැ. දන්නා තරමට විදේශ අමත්‍යන්සේ නිලධාරියෝ සෙට් එකත් අඩ අඩා හිටියේ අඩුම තරමේ තියෙන එකක් කථා කරන්නවත් ඇමති මංගල නැහැ කියලා. අඩුම මනුස්සයක්ගේ දුකක් අහන්න ගුණයක්වත් මංගලට නම් තිබ්බේ නැහැ. දන්නවුන්ව තානාපති කාර්යාල වල රිංගන් මේ අවුරුදු දෙකේ නම් මිනිස්සුන්ට වුණ සෙතක් නැහැ. වැඩිය ඕන නැහැ එංගලන්තෙ තානාපති කාර්යාලය ගන්න දෙයක් නැහැ. යුරෝපේ එහෙමනම් දුක් විදින මැදපෙරදිග මිනිස්සු ගැන කවර කතාද? රවී ලොක්කනම් මිනිස්සු එක්ක කථා කරන තියෙන නිසා මොකක් හරි වෙනසක් දැන්වත් වෙයි කියල එංගලන්තේ මිනිස්සු කියනවා.

දැන් පොඩ්ඩො එක්ක හැප්පෙන සරත් ෆොන්සේකාත් ඉස්සරහට එජාපෙ අනිත් අයත් එක්ක හැප්පෙයි වගේ. කොහොම වුනත් ආෂ්ට කියන්න තියෙන්නේ මෙච්චරයි තමන්ගේ මට්ටම් ගැන හිතන ආණ්ඩුව ඇතුලේ රෑ ඩැනියල් දවල් මිගෙල්ලා කපන තාක් මේ රටේ යහපාලනයක් නම් ඉතිරි අවුරුදු දෙකෙදිවත් වෙන්නේනන් නැහැ කියන එක. පුටු මාරු වුණාට ඔලු ගෙඩි මාරු වෙන්නේ නැහැනේ මචං. දැන් ඉතින් පුටු මාරුව එක්ක හිතේ සුවෙන් නින්ද යන ය ඇති. බලමු මාර වෙනස ඉස්සරහට කොහොමද කියලා . කොහෙත් ඉතිං වැඩ කරන එකා එළියේ හැමදාම කට්ට, මේ අපි වගේ…..

මම දියවන්නාවේ ආෂ් වරූ

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site