Home News Breaking බළන්ගොඩ අවදානම් – පුද්ගලයින් ඉවත්කිරීමේ කටයුතු ඇරඹෙයි

බළන්ගොඩ අවදානම් – පුද්ගලයින් ඉවත්කිරීමේ කටයුතු ඇරඹෙයි

238 views
SHARE

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ බලපෑම බළන්ගොඩ ප්‍රදේශයටත් යොමුවීම නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නායයාමේ අවදානම් පවතින ප්‍රදේශ ලෙස නම්කර ඇති බළන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 203 ක පුද්ගලයින් 744 ක් තාවකාලිකව එම ප්‍රදේශයන්ගෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉඹුල්පේ ප්‍රාදේශීය මහලේකම් බල ප්‍රදේශයේ උඩගම වසමේ පවුල් 23 ක පුද්ගලයින් 421 ක්, කට්ටඩිකන්ද වසම පවුල් 07 ක පුද්ගලයින් 23 මෙම අපදා තත්වය හමුවේ ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

බළන්ගොඩ මහලේකම් බල ප්‍රදේශයේ අවදානම් සහිත ප්‍රදේශ වූ පෙටිටිගල වතු ජනපදිකයින්ට අවධානයෙන් සිටින ලෙස ප්‍රාදේශීය මහලේකම්වරයා දැනුම් දී තිබෙන බවත් වාර්තා වනවා.

බළන්ගොඩ හා ප්‍රදේශ කීපයක පස්කඳු කඩා වැටීම් හා ගිලා බැසීම්, ගස්කඩා වැටීම මෙන්ම විදුලිය විසන්ධිවීම් කීපයක් වාර්තා වනවා. රජවක කාසන් හන්ධිය ප්‍රධාන මාර්ගයේ සමනලවැව බලාගාරය දෙසට ඇති පාලමක් සම්පූර්ණයෙන් ම ගිලා බැස ඇති බවයි සඳහන් වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site